සිසුන් නැතිකමින් පාසල් 07  ක්‌ වසා දමලා
ගම්බද පාසල් වැසී යැමට මූලික හේතුව
පවුල් සැලසුම්වල පවතින දුර්වලතා


බෝයවලාන - ජයන්ත කුමාර දිසානායක

ගම්බද ග්‍රාමීය පාසල් වැසී යැමට මූලික හේතුව ගම්වල පවුල් සැලසුම් ක්‍රමවල පවතින පැහැදිලි දුර්වලතා නිසා බව අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද වර්ණසූරිය (එජනිස) මහතා කියා සිටියේය.

ඉස්‌සර පවුල්වල අම්මලා තාත්තලාට දරුවන් 10-12 යි. දැන් එක්‌කෙනෙකුගෙන් එහාට යන්න හිතන්නෙම නෑ. ඇයි ඒ පවුලකට කරදරයක්‌ කියලා හිතලා. මෙහෙම වුණොත් ගම්බද පාසල් විතරක්‌ නොවෙයි සිංහල ජාතියත් සදහටම වඳවේවි. දැනට අලව්වේ විතරක්‌ සිසුන් නැතිකමින් පාසල් 07 කට ආසන්න සංඛ්‍යාවක්‌ වසා දමලා යෑයිද මන්ත්‍රීවරයා කියා සිටියා.

මන්ත්‍රී චමින්ද වර්ණසූරිය මෙසේ කියා සිටියේ පසුගියදා පැවැති අලව්ව ප්‍රාදේශීය සභා මාසික සැසි වාරයකදීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.