2014 සැප්තැම්බර්  22 සඳුදා

 

 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

සන්ධානය ඌව රැක ගනී
සන්ධානයට ආසන 6ක්‌ අඩුවේ:
එජාපයට ආසන 6ක්‌ද ජවිපෙට එකක්‌ද වැඩිවේ
ඉකුත් පළාත් සභා මැතිවරණය හා සැසඳීමේදී මෙවර සන්ධානයට මන්ත්‍රීධුර හයක්‌ අඩු වී ඇති අතර එජාපයට මන්ත්‍රී ධුර හයක්‌ වැඩි වී තිබේ. ජවිපෙට ද එක්‌ මන්ත්‍රී ධුරයක්‌ වැඩි වී ඇත.

ප්‍රතිශතය:

සන්ධානයේ ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස්‌ දක්‌වයි. දයාසිරි ජයසේකර මහතාද ඡායාරූපයේ සිටියි.
ඡායාරූප- ගාමිණි මුණසිංහ

සිරිකොත මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා අදහස්‌ දැක්‌වූ අයුරු. එජාප සභාපති කබීර් හසිම් සහ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක යන මහත්වරුද පිංතූරයේ වෙති.
පිංතූරය - නිමල් දයාරත්න

මෙම විජයග්‍රහණය රැකගැනීම අප සැමගේ වගකීමක්‌
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

රජයට එරෙහිව ගෙන ගිය ද්වේෂ සහගත අපහාසාත්මක චෝදනා හමුවේ ඌවේ ජනතාව ලබාදුන් ආශිර්වාදය ඌවට මෙන්ම මුළු රටටම වැදගත් විජයග්‍රහණයක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

නිමල්, ඩිලාන් ඇමැතිලාගේ ආසනවලින් සන්ධානය පරදී
ඇමැතිවරුන් දෙදෙනකු නියෝජනය කරන බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද කොට්‌ඨාස දෙකක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පරාජයට පත්ව ඇත.

එ.ජා. මහා මණ්‌ඩලය ඇමතීමට ජනපති ඇමරිකා යය

එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය ඇමතීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (21 දා) පස්‌වරුවේ ඇමරිකා එක්‌සත් ජනපදය බලා පිටත්ව ගියේය.

අඹේපුස්‌ස කඳවුරේදී
පස්‌ කන්දකට යට වී හමුදාවේ සිව් දෙනෙක්‌ මියයති

අඹේපුස්‌ස යුද හමුදා පළමුවැනි සිංහ රෙජිමේන්තු කඳවුරේ ඉදිවෙමින් පවතින වෙඩිපිටිය සකස්‌ කිරීම සඳහා පෙරේදා (20 දා) පස්‌වරුවේ එම කඳවුර භූමිය තුළ පස්‌ කපා ඉවත් කරන අවස්‌ථාවේදී එම පස්‌ කන්ද කඩා වැටී යුද හමුදා සැරයන් මේජර්වරයකු හා යුද හමුදා පුහුණු සෙබළුන් 3 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී ඇත.

දිවයින  සැනෙකින් පුවත්


ෆොන්සේකාගේ පක්‌ෂයට ආසන නෑ

ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තමන් සතුව පැවැති ජයග්‍රහණය යළිත් තහවුරු කර ගත්තේය.

වැඩිම මනාප හරීන්ට දෙවැනියා ශෂින්ද්‍ර

ඌව පළාත් සභා මැතිවරණයෙන් මෙවර වාර්තාගත වැඩිම මනාප සංඛ්‍යාවක්‌ ලබාගෙන ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදුණු හරීන් ප්‍රනාන්දු මහතායි.

ආණ්‌ඩුවට ජනතාව සංඥවක්‌ දුන්නා - අනුර

ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී ජනතාව මේ ආණ්‌ඩුව පලවා හැරීමට සූදානම් බවට සංඥවක්‌ ලබාදී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 වැනිදා) පැවසීය.

රාජපක්‍ෂ පාලනය ප්‍රතික්‍ෂේප වීම ඌවෙන් ආරම්භ වුණා - තිස්‌ස

රාජපක්‍ෂ ආණ්‌ඩුව දැන් ගමනක අවසානයට පැමිණ තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය එක්‌සත් ජාතික පක්‍ෂයට කොළ එළියක්‌. ඒ නිසා ඕනෑම මොහොතක ජාතික මැතිවරණයක්‌ පවත්වන ලෙස රජයට අභියෝග කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (21 දා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

මව සහ පියා විරසකවී
දරුදෙදෙනා මරුට බිලිවුණ

ත්‍රිකුණාමලයේ ඛේදවාචකය
පවුල් ආරවුල් මුල්කරගෙන ඇතිවන ගැටුම්වලදී වැඩිපුරම බැට කන්නේ එවැනි පවුල්වල දරුවන්ය. මවත්, පියාත්a නිවස තුළ ආරවුල්වල පැටලෙද්දී දරුවන්ට මව්පිය දෙදෙනාගේ සෙනෙහස, ආදරය, රැකවරණය අහිමි වී ඉතිරි වන්නේ දුක, කඳුළ, කම්පනය හා අපේක්‍ෂා භංගත්වය පමණි.


 
  • මත්කුඩු ජාවාරම රටම ගිල ගනීද?

    පෙර නොවූ විරූ තත්ත්වයකට අද කුඩු ජාවාරම මහා පරිමාණයෙන් ව්‍යාප්ත වන බව පෙනේ. දිනපතා අපට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු මහා කුඩු ජාවාරම්කරුවන්ගෙන් කෝටි ගණන් මත්කුඩු ඇල්ලූ ආකාරය විස්‌මිත දෙයකි. මේ මහා පරිමාණ කුඩු ජාවාරම ඇරැඹුණේ අද ඊයේ නොවේ. මෙයට වසර ගණනකට පෙරය. එය ඉතා සුළු වශයෙනි. සුළු වශයෙන් ඇරැඹූ මේ මත්කුඩු ජාවාරම අධ්‍යතන අවධියේ මහා පරිමාණයට පත්ව ඇත.

  


 
  • බීච් වොලිබෝල් ක්‍රීඩකයෝ
    ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පළමු ජය සටහන් කරති


    මෙහිදී 'සී' කාණ්‌ඩය යටතේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජියාව අතර පැවැති තරගයේදී මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල එකතුව තියුණු සටනකින් පසු ජය ලැබුවේ තරග වට 2/1 ක්‌ වශයෙනි. මෙම තරගයේ පළමු වටය ශ්‍රී ලංකාව ලකුණු 23/21 ක්‌ ලෙසින් ජය ගනිද්දී දෙවැනි වටය ලකුණු 21/18 ක්‌ ලෙසින් ප්‍රතිවාදීන් ජයගත් අතර තෙවැනි වටය ලකුණු 15/12 ක්‌ ලෙසින් ජය ගත් වසන්ත සහ මහේෂ් එහි ජය වාර්තා කළේය. සමස්‌ත තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 56 ක්‌ ලබාගන්නා අතරවාරයේ කාම්බෝජියාව ලකුණු 54 ක්‌ ලබාගත් අතර තරග වට තුනට පිළිවෙළින් මිනිත්තු 20, 16 සහ 14 බැගින් ගතව තිබුණි.

  

Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.