සිංහල වීම නිසා නන්නත්තාරවූ
යාපනයේ සරණාගතයෝ


යාපනය යන නම ඇසූ පමණින් එම දිස්‌ත්‍රික්‌කයේ සිංහලයෙකු ලබා සිංහල නමක්‌ හෝ ඇසෙනු යෑයිට අපට සිතෙන්නේ නැත. ජාතිවාදී වූත් ගෝත්‍රික වූත් උතුරේ දෙමළ දේශපාලනය ලෝකයට එහෙම සිතන්නට පවා ඉඩ තබා නැත. නමුත් සැබෑව එය නොවේ. මේ ගෝත්‍රික දේශපාලකයන් කතා කරන්නේ කොලේ වසාය. අතීතයේ යාපනය අදට වඩා බෙහෙවින් වෙනස්‌ වූ යාපනයක්‌ විය. වසර 30ට එපිට එදා යාපනයේ ජීවත්වූ සිංහල මිනිසුන්ගෙන් කීප දෙනකුද අද වන විට යුද්ධය නිම වීම හේතුවෙන් යාපනයේ සිය උරුමය සොයා යාපනයට ගොස්‌ තිබේ. මේ මිනිස්‌සු අද වන විට යාපනය නාවක්‌කුලි ගම්මානයේ පදිංචිව සිටිති.

අතීතයේ තමන් ජීවත්වූ යාපනයේ ස්‌වභාවය පිළිබ`දව ඔවුහු ආදරයෙන් කතා කරති. ඒ සො`දුරු අතීත ස්‌මරණයන් තෘප්තියෙන් සිහි කරති. එදා තරුණයන්ව සිටි ඔවුහු අද ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින්නෝය. තමන්ට හුරු පුරුදු වාස භූමියට ජීවිතයේ අවසන් සමයේ හෝ එන්න ලැබීම පිළිබ`ද ඔවුහු සතුටින් පිනා ගොස්‌ සිටිති. සිය අතීතය ආවර්ජනය කිරීම ස`දහා මුලින්ම අප හා එක්‌වූයේ හේවාකෙටෙබගේ සිරිසේනය. ඔහු දැන් හැත්තෑ හය වන වියේ පසුවන්නේය. ඔහු සිය අතීත කතාව මෙසේ දිග හරින්නට වූයේය.

"මා ඉස්‌සරවෙලාම යාපනේට අවේ 1949 අවුරුද්දේ. මම මෙහේ එනකොට පොඩි කොල්ලෙක්‌. එතකොට මගේ වයස අවුරුදු 10 ක්‌ විතර ඇති. මගෙ මාමල කාලයක්‌ තිස්‌සේ පදිංචිව උන්නේ යාපනේ. මං ආවේ මෙහේ හිටපු අපේ මාමලාගෙ ගෙදර. එයාලා මෙහේ ලොකු බේකරියක්‌ කළා. ඒකේ නම චන්ද්‍රd බේකරිය. මාමලා යාපනේ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ 1920 විතර. මම එන දවස්‌ වල සිංහල අය තමයි මෙහේ බේකරි සම්පූර්ණයෙන්ම වාගේ කළේ."

"මම ඉතින් මෙහේ එනකොට පොඩි කොල්ලනේ. මමත් බේකරියේ වැඩට උදව් කරගෙන හිටියා. ඒ දවස්‌ වල ඉතින් සිංහල දෙමළ කියලා බේදයක්‌ තිබුනේ නෑ. සිංහල අය තමයි යාපනේ බේකරි, තේ කඩ, රත්තරන් බඩු කඩ, වඩු මඩු කරගෙන උන්නේ. ඒ දවස්‌ නම් හරිම ලස්‌සනයි."

"ඔහොම ටික කාලයක්‌ යනකොට, මගෙ මතකේ හැටියට 1958 විතර, ශ්‍රී කොලොප්පම ඇති වුණා. ඒ කියන්නේ ශ්‍රී අකුරට විරුද්ධව දෙමළ මිනිස්‌සු වැඩ කරන්න පටන් ගත්තා. ඒ දවස්‌ වල අපි ඒ තරම් හිතුවෙ නෑ මෙච්චර ලොකු කලබලයක්‌ වෙයි කියලා."

"මම ඒ වෙනකොට නුවරින් බැ`දලා නෝනවත් අරගෙන යාපනේ ඇවිල්ලයි හිටියේ. අපි ශ්‍රී කොලොප්පම වුණාට පස්‌aසෙත් යාපනේ හිටියා. ඊට පස්‌සේ අපිට 1977 කලබල නිසා යාපනෙන් යන්න වුණා. අපි අනුරාධපුරේ ගිහින් හිටියේ. අපි ඊට පස්‌සේ ආයෙත් යාපනේට ආවා. 1983 අවුරුද්දෙදි ඉන්නම බැරි තත්ත්වයක්‌ අපිට උදා වුණා. 83 දවසක්‌ අපිට එක පාරටම හමුදාවෙන් කිව්වා නාග විහාරේට එන්න කියලා. අපි ඇ`දන් උන්නු ඇඳුම් පිටින් පන්සලට ගියා. පස්‌සේ හමුදාව කිව්ව දේ අදහා ගන්න බැරි වුණා. අපිට කිව්වා බස්‌ වල නැගලා පුළුවන් තරම් ඉක්‌මනින් අනුරාධපුරෙන් එහාට යන්න කියලා."

"මහත්තයෝ... එදා දැනුන හැ`ගීම කියන්න බෑ. අපි හරි හම්බ කරපු සේසතම දාලා ඇ`දිවත පිටින් අපිට යන්න වුණා. මගේ ජීවිතේ අමතක නොවෙනම දවස එදා. අපි අපේ තරුණ කාලේ ගෙව්වේ යාපනේ. ඒ දවස්‌ වල යාපනේ සිංහල මිනිස්‌සු 15,000 ට එහා හිටියා. මම දැනුවත්ව බේකරි හාරසිය අසූ ගාණක්‌ තිබුණා. සිංහල මහා විද්‍යාලයේ තමයි යාපනේ තිබුණ ලොකුම විද්‍යාගාරය තිබුනේ. 1983 අවුරුද්දෙ ඉස්‌සරවෙලාම දෙමළ මිනිස්‌සු පන්සල් වලට ගැහුවා. හැබැයි හැමෝම නෙමෙයි. අපි අනාථ වෙලා. අපිව ඉස්‌සරලම අනුරාධපුර රත්නමාලී එකට අරන් ගියා. ඊට පස්‌සේ වවුනියාව මාමඩුව ප්‍රදේශයේ පදිංචි කළා. එහෙත් ඉන්න බැරිවුණා. පස්‌සේ ආයේ මිහින්තලේ හිටියා. පස්‌සෙ තමයි යුද්දේ ඉවර වුණාම යාපනේට ආවේ." 83 ජූලියේ දී යාපනයේ ඇවිලුණු මේ දෙමළ ජාතිවාදී ගින්න ගැන කවුරුත් කතා කරන්නේ නැත. එය මුළුමනින්ම සිංහල ජාතිවාදීන් දකුණේ ඉපිදවූ කළු ජුලියේ දුමෙන් වැසී ගොස්‌ය.

යුද සමයේ පවා යාපනයේ සිංහල මිනිස්‌සු ජීවත් වූහ. ඔවුන් තම අඳුරු අතීතය මතක්‌ කර සිටියේ හැ`ඩූ කඳුළිනි. යාපනය නාවක්‌කුලි ගම්මානයෙන් අපට හමු වන ඒ රූපවතීගේ කතාව හැ`ගීම් බරය. ඇය ඇගේ කතාව අප හමුවේ මුදා හරින්නේ මෙසේය.

"මගේ උපන් ගම යාපනේ. අපේ අම්මගේ සහෝදරයෝ ඔක්‌කොම මෙහේ රත්තරන් බඩු කඩ කරගෙන හිටියේ. අපි යාපනේ හිටියේ ගොඩක්‌ සතුටින්. ඒත් කළබල ඇති වුණා. ඒ දවස්‌ වල අපේ රත්තරං කඩ ඔක්‌කොම කොල්ල කෑවා. ගිනි තිබ්බා. පංසලට බෝම්බ ගැහුවා. යාපනේ සිංහල ඉස්‌කොලෙත් කැඩුවා. ඊට පස්‌සේ අපි 1977 යාපනේ දාලා ගියා. ගිහින් ආයෙත් ආවා. 1983 ලොකුවටම කළබල වුණ නිසා දවසක්‌ ආමි එකෙන් කිව්වා අපිට අනුරාධපුරෙන් එහාට යන්න කියලා. එත් අපිට යන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට කොටි අපේ මල්ලිලා දෙන්නව අල්ලන් ගිහිල්ලා තිබුණෙ. අපේ මල්ලිලා සමුපකාරෙට ගිහිල්ලා එනකොට තමයි කොටි අල්ලගෙන තියෙන්නේ. කොහොම හරි උදේ 10 ට විතර මල්ලිලා දෙන්නා කොටි අල්ලගෙන ගියා කියලා අ`දුනන කෙනෙක්‌ කිව්වා. ඊට පස්‌සේ අම්මයි තාත්තයි මමයි මල්ලිලා එනකම් හිටියා. කොටි මල්ලිලාව එව්වෙ නෑ. ඊට පස්‌සේ අපිට යන්න බැරි වුණා."

"කොටි අපිව යාපනේට කොටු කර ගත්තා. අපි ඒ විදියට ටික කාලයක්‌ ඉන්නකොට ආරංචි වුණා මල්ලිලා වන්නිවල හිර කරන් ඉන්නවා කියලා. පස්‌සේ අපි වන්නියට ගියා මල්ලිලා හොයන්න. අපි උන්ගෙන් මල්ලිලා ගැන අහනකොට කිව්වා ඒ අයව නිදහස්‌ කරනවා. හැබැයි දැන්මම නෙමෙයි කියලා. ඊට පස්‌සේ හමුදාව යාපනේ අල්ලන්න ආවා. මගේ මතකේ හැටියට ඒ 1996 අවුරුද්ද. එදා දෙපැත්තෙන්ම හො`දටම ගහ ගත්තා. හිතා ගන්න බැරි තරම් තත්ත්වය භයානක වුණා. එදා අපි දුවලා ඇවිල්ලා හැංගුනේ නාවක්‌කුලි වල. මටත් තුවාල වුණා. මගේ මල්ලිලා උන්ගෙ හිරකාරයො විදිහට මැරුණා". ඇය කතාව හමාර කළාය.

එවකට යාපනයේ සිටි සිංහලයන් 15,000 ක්‌ දෙමළ ජාතිවාදීන් විසින් පන්නා දැමනු ලැබීය. අනෙක්‌ පිරිස කොටි සිරකරුවෝ වූහ. සමහර අසරණ සිංහලයෝ මේ දෙමළ ජාතිවාදීන්ගේ සිරකරුවන් ලෙස අන්ත දුක්‌ වි`ද මිය ගියහ. ඔවුන් කළ එකම වරද සිංහල වීමය.

සිංහල වූ හේතුව මතම පමණක්‌ සිංහල කඩ සිය ගණනක්‌ ගිනි තැබිණි. යාපනයේ සිංහල මහා විද්‍යාලය විනාශ කර දැමිණි. එවකට අධ්‍යාපනය එහි අධ්‍යාපනය ලබමින් සිටි දරුපැටවු තුන්දාහකගේ අධ්‍යාපනය විනාශ විය. යාපනයේ පන්සලට බෝම්බ ගසා කුඩු කෙරිණි. මේ තුච්ඡ අපරාධය කළේ සාමාන්‍ය දෙමළ වැසියන් නොවේ. කොටි විසින් වියරු වට්‌ටවන ලද දෙමළ ජාතිවාදීන් විසිනි.

මේ අවතැන් වූ සිංහල සරණාගතයන් ගැන කතා කරන එකෙක්‌ නැත. මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබ`දව හ`ඩ නගන එකෙක්‌ නැත. සාර සුබාවට ජීවත්වෙමින් සිටියදී ස්‌වකීය සබ්බ සකලමනාවම පැහැරගෙන ඇ`දිවත පිටින් පාරට ඇද දැමූ මනුෂ්‍යයන්ට අහිමි වූ දේපළ ගැන කතා කරන්නට එකෙක්‌ නැත. කොටින් විසින් පැහැරගෙන ගොස්‌ සිරකරුවන් ලෙස වධ බන්ධනයට ලක්‌ කර මරා දැමූ සිය ගණනක්‌ වූ යාපනයේ සිංහලයන් ගැන කතා කරන්නට මානව හිමිකම් සංවිධාන නැත. තැන් තැන්වල සරණාගතයන් ලෙස දුක්‌ වි`දිමින් ජීවත්වූ, එසේ දුක්‌ වි`දිමින්ම සිට මියගිය, යළිත් යාපනයට ගියත් අන්ත දිළින්දන් ලෙස ජීවිතය අරඹන්නට සිද්ධ වී ඇති මේ මිනිසුන්ගෙන් කොල්ල කෑ ජීවිතය ගැන කතා කරන්නට පපුකැණති උණුවන උන් නැත.
ඛේදවාචකය මෙයය. ජාතිවාදයේ ම්ලේච්ඡත්වයට ජාතිභේදයක්‌ නොවේ. දකුණේ කළු ජූලියේ තිරිසන්කම ගැන කොන්දේසි විරහිතව දකුණේ සිංහල සමාජය පශ්චාත්තාප වී තිබේ. ඒ ම්ලේච්ඡත්වයේ ප්‍රමාණය පිළිබ`ද ස්‌වයං විවේචනයක්‌ තිබේ. දකුණේ නැවත කළු ජූලි උපදින්නේ නැත. එහෙත් උතුරේ එදා සිදුවූ නින්දිත අපරාධ පිළිබ`දවත් ඒ අපරාධයන්හි වින්දිතයන් පිළිබ`දවත් කිසිවෙකුගේ පශ්චාත්තාපයක්‌ නැත. අදත් උතුරේ ක්‍රියාත්මක දෙමළ ජාතිවාදයේ නින්දා සහගත නිරුවතට විවේචනයක්‌ නැත. උතුර මේ මොහොතේත් ගිලී ඇත්තේ ගෝත්‍රික ජාතිවාදය තුළය. උතුරේ දෙමළ දේශපාලනය විසින් කුළුගත්වමින් සිටින්නේ දෙමළ ජාතිවාදයේ තිරිසන් කමය. යුද්දයෙන් පෑරුණු සිත් වල උපන් තුවාල මේ උන්මන්තකයන් විසින් සුව වන්නට ඉඩක්‌ දෙන්නේ නැත. සංහි`දියාව ස`දහා ඉඩක්‌ ලැබෙන්නේ නැත.

සාධාරණය ඉෂ්ටවිය යුත්තේ වාර්ගික අවශ්‍යතා අනුව නොව, යුක්‌ති ධර්මය අනුවය. අප බලා සිටින්නේ යාපනයෙන් පලවා හළ පහළොස්‌ දහසකට අධික සිංහලයන්ගේ ජීවිත අවනඩුව පසි`දන ආකාරය දෙසය.

මුලතිව්
ප්‍රසන්න ප්‍රදීප්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.