ඇමරිකාවේ ධවල මන්දිරයේ ආරක්‍ෂක ප්‍රධානි
ජුලියා පියර්සන් ධුරයෙන් ඉවත් වෙයි


ඇමරිකාවේ ධවල මන්දිරයේ ආරක්‍ෂාව භාරව සිටි රහස්‌ පරීක්‍ෂක සේවාවේ ප්‍රධානි ජුලියා පියර්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්‌ වී ඇත.

ඇය ඉල්ලා අස්‌වී ඇත්තේ ධවල මන්දිරයට එල්ල වූ වෙඩි ප්‍රහාර කීපයක්‌ නිසා යෑයි වාර්තා වේ.

ජුලියා පියර්සන් ආරක්‍ෂක කටයුතු ගැන දන්නේ නැතැයි රහස්‌ පරීක්‍ෂක සේවාවේ නිලධාරියෙක්‌ පැවසීය.

ඇය ධවල මන්දිරයේ ආරක්‍ෂාවට සිටි රැකවලුන් රැසක්‌ ඉවත් කර තිබූ බවද හෙළි වී ඇත. ධවල මන්දිරයේ ආරක්‍ෂාවට විශේෂ බළකාය යෙදවීමටද ඇය තීරණය කර තිබූ බව වාර්තා වී තිබේ.





 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.