සෝභිත හිමි සමග එකට එක්‌ව අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළා
- අතුරලියේ රතන හිමි

අකිත පෙරේරා

ඉදිරි කාලයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමග පිවිතුරු හෙටක්‌ සංවිධානය ඉතා අවබෝධයෙන් එකට එක්‌ව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ zදිවයිනZට පැවසූහ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ තමන් වහන්සේ ඇතුළු පිරිසක්‌ ඊයේ (23 දා) පෙරවරුවේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවත් එහිදී මෙම තීරණයට එළැඹි බවද උන්වහන්සේ කීහ.

මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය ඇතුළුව රටේ වත්මන් දේශපාලන ප්‍රවනතා සම්බන්ධව පැය කිහිපයක්‌ සාකච්ඡා කළ බවද කී රතන හිමියෝ එහිදී ඉදිරි කටයුතු සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණි බවද ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වය ඉතා අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් කියා සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.