ලෝකය තෙල්වලින් දුවද්දී අපි සුළංවලින් දුවමුද?

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගතවූ මාස පහක කාලය තුළ ඉතා වේගයෙන් පහළ ගියේය. මේ අවුරුද්දේ මැයි මාසයේදී බොර තෙල් බැරලයක මිල ඩොලර් 105 කි. පසුගිය මාසයේ ඒ මිල ඩොලර් 90 කි. අද වන විට ඩොලර් 70 කි. ලෝක තෙල් මිල පහළ යැමට ප්‍රධාන හේතුව වන්නේ ලිබියාව, ඇන්ගෝලාව, ඉරාකය යන රටවල බොර තෙල් නිෂ්පාදනය ඉතා වේගයෙන් ඉහළ යැමය. ලිsබියාව සහ ඉරාකය යන රටවල් මේ මොහොතේදී ඉතා බිහිසුණු සිවිල් යුද්ධ දෙකකට මුහුණ පා සිටිති. ඒ යුද්ධ දෙකම ධනපති ලෝකයේ අවශ්‍යතාව මත දිග්ගැසෙමින් පවතින ඒවාය. ඇන්ගෝලාවේ සිවිල් යුද්ධය මෙයට වසර විසිහතරකට පෙර නිමාවට පත් වූ නමුදු පාලකයන්ගේ අදක්‌ෂකම හෝ වැසියන්ගේ කරුමය නිසා හෝ රටට කිසිදු වගතුවක්‌ නැත. පිටරටින් ආ තෙල් කොම්පැණිකාරයෝ රට සූරා කති. එහෙත් මේ සියලු කලබැගෑනි අස්‌සේ පසුගියදා එරට මුහුදින් ද තෙල් උල්පත් මතු විය. ලෝක තෙල් මිල අඩු වීමට තවත් හේතුවක්‌ වන්නේ ඇමරිකාවේ තෙල් පරිභෝජනය අඩු වීමය. ඇමරිකාව, සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල වසරකට බොර තෙල් බැරල් බිලියන 6.89 ක්‌ පරිභෝජනය කරයි. එනම්, දිනකට තෙල් බැරල් එක්‌කෝටි අනූ ලක්‌ෂයකි. ලංකාවේ දෛනික තෙල් බැරල් පරිභෝජනය බැරල් අනූ දෙදහසකි. මේ දත්ත සඳහන් කරන්නේ ලංකාවේ හිඟනකම පෙන්වීමට නොව ඇමරිකාව කොතරම් විශාල ආර්ථික සාධකයක්‌ද යන්නත් කොතරම් විශාල පරිභෝජන සාධකයක්‌ද, යන්නත් පැහැදිලි කිරීමටය. ඇමරිකාවේ ඛනිජ තෙල් පරිභෝජනය අඩු වූයේ ඇයි? හේතුව එරට විකල්ප ඉන්ධන පරිභෝජනය වැඩි කිරීමය. එයින් පළමුවැන්න ඛඡ ගෑස්‌ හෙවත් ඛසුමසා ඡැඑරදකසමප ය. දෙවැන්න පුනර්ජනනීය (Reජහජකැ) බල ශක්‌තියක්‌ වූ සූර්ය විදුලියය. තෙවැන්න දැව දහනය වඩා හොඳින් කළමනාකරණය කර වැඩි තාපයක්‌ ලබා ගැනීමය. ගල් අඟුරු ද තාප උත්පාදන මාධ්‍යයක්‌ වුවද තීරණාත්මක සාධකයක්‌ ලෙස මෙකල ගණන් ගනු නොලැබේ. ඉහත සඳහන් ගණන් හිලවු සහ විෂයබද්ධ කරුණු කියෑවීමට සිදු වීම ඉතා නීරස අත්දැකීමක්‌ ලෙස පාඨකයාට දැනෙන බව අපි දනිමු. එහෙත් අප මෙතැන් සිට ගොඩනගන තර්කය සඳහා මෙකී ගණන් හිලවු අත්‍යවශ්‍යය.

කුමක්‌ද අපේ තර්කය? ලෝක තෙල් මිල මෙපමණ බැස තිබියදීත් එහි සහනය ආණ්‌ඩුව අපට දී නැති බවය. තෙල් මිල බැස ඇති බවක්‌ එක්‌කෝ ආණ්‌ඩුව දන්නේ නැත. එහෙමත් නැත්නම් ලෝක තෙල් මිල බැස ඇති බව ආණ්‌ඩුව පිළිගන්නේ නැත. එසේ නම් ආණ්‌ඩුව තවමත් අලුත් තෙල් ගන්නේ පරණ මිලටද? මෙවැනි Zත්‍රාසජනකZ අවස්‌ථාවලදී ආණ්‌ඩුව කියන සුප්‍රසිද්ධ කතාවක්‌ තිබේ. එනම් තවමත් තමන් විකුණන්නේ ඉහළ මිලට තිබියදී ඕඩර් කළ තෙල් බවය. තෙල් මිල පහළ යන්නට පටන් ගන්නේ පස්‌ මසකට පෙරය. එසේනම් ආණ්‌ඩුව තෙල් නිෂ්පාදනය කරන රටවලින් බොර තෙල් මිලට ගන්නේ මෙයට හය මාසයකට පෙර විය යුතුය. එහෙත් නැවකින් නොව තෙල් බැරල් ඔලුවේ තබාගෙන පිහිනාගෙන ආවත් ලෝකයේ කවර මුල්ලක සිට හෝ ලංකාවට එන්නට දෙමසකට වැඩි කලක්‌ ගත වන්නේ නැත. සාමුද්‍රික කාලගුණික තත්ත්වය යහපත් වුවහොත් ඊටත් කලින් තෙල් නැවකට මෙහි ළඟා විය හැකිය.

ලෝක තෙල්මිල ඉහළ පහළ බැසීම යනු ලෝක ආර්ථිකය ඉහළ යැම හෙවත් ජයක්‌ වාර්තා කර ගැනීම බව ඇමරිකාවේ ඊකදදපඉeරට ඊමිසබැssඇeන නමැති වෙබ් අඩවියේ පළවී තිබේ. එහෙත් ඒ සටනිනුත් අපි පරාජයට පත් වීමු. දන්නා ඉතිහාසයේදී අප ජයගත් සටන් ඇත්තේ දෙකකි. එයින් පළමුවැන්න විජිතපුර සටනය. දෙවැන්න 2009 අවුරුද්දේ පැවැති හතරවැනි ඊළාම් සටනය. (මේ දෙවැනි සටන ජයගැනීම ජීවිත කාලයටම ප්‍රමාණවත් බව කෙනකු කියතොත් අප එයට විරුද්ධ වන්නේද නැත.) එහෙත් ජීවිත සටන ජය ගැනීමට නම් තෙල් මිල පහළ යැම අත්‍යවශ්‍යය. ලෝකය දුවන්නේ තෙල්වලිනි. එසේ තිබියදී අපට හුළං වලින් දිවිය නොහැක. සමහර විට මේ අයවැයෙන් ඉන්ධන මිල අඩුවීමට ඉඩ තිබේ. එසේ නම් මෙපමණ කලක්‌ ඒ සහනය අපට ලබාදීමට ආණ්‌ඩුවට බැරි වූයේ ඇයි?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.