ජනාධිපතිවරණයට පෙර බුදුදහම
සුරකින පනත් සම්මත කළ යුතුයි

- ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බුදුදහම හා බෞද්ධයා සුරකින පනත් කෙටුම්පත් මීළඟ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සම්මත කළ යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීහ.

විලිලඡ්ජාවක්‌ ඇත්නම් එය එසේ කළ යුතුව ඇති බවත් කී උන්වහන්සේ නිදහසින් පසු කිසිදු පාලකයකු සැබෑ ලෙස බෞද්ධයා සුරැකීමට පියවර නොගත් බවට චෝදනා කළහ.

ජනාධිපතිවරණයට පළමුව සදාචාර විරෝධී අන්‍යාගමිකරණ වැළැක්‌වීමේ පනත, ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත, බෞද්ධ ප්‍රකාශන පළකිරීම නියාමනය කිරීමේ පනත, බෞද්ධ විහාර දේවාලගම් ආඥපනතේ සංශෝධනයන්, ශ්‍රී ලංකා ථෙරවාදී සම්ප්‍රදායේ දසසිල් මාතාවන් හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත් සම්මත කළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

දහඅටවැනි ව්‍යවස්‌ථාවේ කෑලි අයින් කළත් ඉස්‌පිලි පාපිලි හැදුවත් නව සංශෝධන ගෙන ආවත් කුණුගොඩ පරණ කුණුගොඩම බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මේ කිසිවකින් රටට හෝ බෞද්ධයාට වැඩක්‌ නැති බවත් සඳහන් කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.