රන්ජන්ට තර්ජන

නෝමන් පලිහවඩන

"මගේ ජීවිතයට තර්ජන ගලාගෙන එනවා. අවශ්‍ය තැන්වලට මම පැමිණිලි කළා" යෑයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 'දිවයින'ට ඊයේ ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

මැද පෙරදිග රටවල සේවය කරන්න ගිය අපේ කාන්තාවන් පිරිසකට අමානුෂික හිරිහැරවලට මුහුණදීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් කතා කරද්දී ගුටි කෑමට හෝ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න මට සිදුවෙයි.

පාර්ලිමේන්තුවේදී මම හඬක්‌ නඟන විට තේ බීමට ගිය ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පවා මට පිළිතුරු දීමට දුවගෙන එන්නේ අයුක්‌තියට අසාධාරණයට විරුද්ධව මම තදින් කතා කරන නිසයි. මගේ කතාවලට සමහරුන්ට ගොඩාක්‌ රිදෙනවා. අද ඇත්ත කතා කරන කොට ගහන්න එනවා. විවිධ බලපෑම් කරනවා. මගේ ජීවිතය ගැනත් විශ්වාස නෑ. පැමිණිලි කළ යුතු තැන්වලට පැමිණිලි කරලා තියෙනවා. මට වැඩිපුරම තර්ජන එන්නේ දුරකථන වලින්.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.