ආම්ස්‌ට්‍රෝන් ට දෙහි කපන හිනෝල්ට්‌

පසුගියදා සිය 60 වන උපන් දිනය සැමරූ ප්‍රංශ ජාතික පාපැදි ශූරයකු වන බර්නාඩ් හිනෝල්ට්‌ සිය පාපැදි ජීවිතය පිළිබඳව අතීත මතකයන් අවදි කරමින් "තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් මේ වන විට පාපැදි තරගකරුවන්ගේ ගරුත්වයට අපකීර්තියක්‌ සිදුව ඇති බවට" ප්‍රකාශයක්‌ සිදු කර ඇත.

ප්‍රංශ පුවත්පත් සේවය සමග පැවති සාකච්ඡාවකදී හිනෝල්ට්‌ පවසා ඇත්තේ තහනම් උත්තේජක භාවිතා කිරීම් සම්බන්ධව ධාවකයන් වරදකරුවන් බවට පත්වීම මගින් මෙතෙක්‌ කල් පාපැදි තරග නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ හිත් රිදීමක්‌ සිදුවී ඇති බවයි.

තහනම් උත්තේජක චෝදනාවට ලක්‌වී සිටි ලාන්ස්‌ ආම්ස්‌ට්‍රොaන්ග් ගැන මොහු තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි. "මට ආම්ස්‌ට්‍රොaන්ග් හම්බ වුණොත් මම ඔහු සමග කතා කරන්නෙවත් නෑ. අඩුම තරමේ සැප දුකවත් අහන්නෙ නෑ" යනුවෙන් ඔහු පවසා ඇත. ඇතැම් විට ආම්ස්‌ට්‍රොaන්ග් තහනම් උත්තේජක භාවිතා කරන බව මොහු දැන සිටින්නට ඇත. ඒ නිසා මෙතරම් ඔහුව පිළිකුල් කරනවාද විය හැකිය.

"අවු. 29 කට කලින් ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කළ අවසාන ප්‍රංශ ජාතිකයා මම. අද අඩුම තරමේ පැයක්‌ ඇතුළත කිලෝමීටර් 50 ක්‌ පාපැදියෙන් පදින්න පුළුවන් කෙනෙක්‌ ප්‍රංශයෙන් හොයාගන්න අමාරුයි. දැන් හොඳ ධාවකයන් ඉන්නවා. හොඳ ඉවසීමකුත් ඔවුන්ට තියෙනවා. නමුත් තරග දිනන්න බැරිනම් ඒ ඉවසීමෙන් වැඩක්‌ නෑ"

"හෙට කෙනෙක්‌ මට කිව්වොත් ඔබට දැන් අවු. 20 යි. ඔබ නැවත පාපැදි තරග සඳහා යොමු වෙන්න කියලා මම නැවත පටන් ගන්නවා. මට ඒ තරම් ආත්ම විශ්වාසයක්‌ තිබෙනවා." යෑයි ඔහු පැවසීය.

හිනෝල්ට්‌ විසින් 1978, 1979, 1981, 1982 හා 1985 යන වර්ෂයන්හිදී ප්‍රංශ පාපැදි සවාරියේ ප්‍රථම ස්‌ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. ඊට අමතරව ඔහු විසින් තෙවරක්‌ ඉතාලි පාපැදි සවාරිය ද, දෙවරක්‌ ස්‌පාඤ්ඤ පාපැදි සවාරිය ද දිනා ඇත.

"තරග කරන කාලේ පාපැදි තරග වලින් සමුගන්න මම තීරණය කළේ අවු. 6 කට කලින්. තව අවු. 2 ක්‌ විතර පැද්දනම් මට සතුටු වෙන්න තිබුණා. නමුත් අතීතය ගැන හිතන කොට ඒව ගැන හිතල මම දුක්‌ වෙන්නේ නෑ."

"මම මේ වෙනකොට මගේ ගොවිපළේ හා ප්‍රංශ පාපැදි සවාරියේ සංවිධායක මණ්‌ඩලයේ කටයුතු කරනවා. දැනුත් මම සතියකට දෙවරක්‌ විතර කිලෝමීටර් 80 ක්‌ පමණ පදිනවා."

"මම මෙතෙක්‌ ලබපු සෑම ජයග්‍රහණයක්‌ම වගේ මතකයි. මුලින්ම මම බයිසිකල් රේස්‌ එකක්‌ ජයග්‍රහණය කළේ අවු. 16 දී. ඒ කාලයේ මට හිටපු හොඳම ප්‍රතිවාදීන් විදිහට හිටියේ ඇමරිකාවේ ගි්‍රග් ලැමෝන්ඩ්, ලෝරන්ට්‌ ෆි
ග්නොන්, නෙදර්ලන්ත ජාතික ජූප් සොයෙටර්මෙල්ක්‌ යන ක්‍රීඩකයන්. ඒ අතරින් ජුප් තමයි මට ගොඩක්‌ම අභියෝගයක්‌ එල්ල කරපු ක්‍රීඩකයා. ඒත් දැන් අපි හොඳ යාළුවෝ. අපේ පවුල් දෙකත් ගොඩක්‌ හිතවත්" යෑයි ඔහු පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.