තහනම් ගහේ ගෙඩි කෑ
අමීර් යළි පිටියට ?


2010 වසරේ එංගලන්තය සමග ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්‌ට්‌ තරගයක්‌ පාවාදීමේ සිද්ධියකට වරදකරු වූ පකිස්‌තාන් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් යළි පකිස්‌තානයේ දේශීය තරග බිමට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

අමීර්ගේ පස්‌වසරක ක්‍රිකට්‌ තරග තහනම අවසන් වීමට තවත් මාස කිහිපයක්‌ තිබියදී ඔහුට දේශීය තරග බිමට පිවිසීමේ අවස්‌ථාව ලබාදීමට පකිස්‌තාන් ක්‍රිකට්‌ ආයතනය කටයුතු කරගෙන යනු ලබයි. මේ සම්බන්ධයෙන් පකිස්‌තාන් ක්‍රිකට්‌ ප්‍රධානී ශාරියා ඛාන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට ඉදිරිපත් කළ අභියාචනාවකින් පසුව අමීර්ට දේශීය තරගවලට සහභාගිවිමේ වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් අමීර්ට සහය ලබාදීම පිළිබඳව පකිස්‌තාන් ක්‍රිකට්‌ ප්‍රධානියා පෙනී සිටියද ඔහු සමග අදාළ සිද්ධියට සම්බන්ධ සල්මන් බට්‌ සහ මොහොමඩ් අසීෆ් පිළිබඳව සභාපතිවරයා පවසන්නේ, '
'
සල්මන් බට්‌ සහ මොහොමඩ් අසීෆ් තවම පුනරුත්ථාපන වැඩ හරියට කරපු බවක්‌ පේන්නෙ නැහැ. ඒ නිසා ඒ අය ගැන මම කතා කරන්නෙ නැහැ'
 යනුවෙනි.


ඉන්දු-පකිස්‌තාන් තරගයේ ප්‍රවේශ පත්‍ර 20000 ක්‌
විනාඩි 12 කදී අලෙවි වෙයි


එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පැවැත්වෙන ඉන්දියාව සහ පකිස්‌තානය අතර පළමු වටයේ තරගය නැරඹීම සඳහා නිකුත් කරන ලද ප්‍රවේශපත්‍ර 20000 ක්‌ මිනිත්තු 12 කදී අලෙවි වී තිබේ.

දකුණු ඔස්‌ටේ්‍රලියානු රජය විසින් ඉන්දියාවේ සිට මෙම තරගය නැරඹීම සඳහා ඔස්‌ටේ්‍රලියාවට පැමිණෙන ප්‍රේක්‍ෂකයන් හට නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර 20000 විශේෂ පැකේජයක්‌ අනූව අලෙවි කර තිබේ.

ලබන පෙබරවාරි 15 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දියාව සහ පකිස්‌තානය අතර තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුල් විය හැක්‌කේ 50000 කට පමණක්‌ බව තරග සංවිධායකයන් පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.