2014 දෙසැම්බර් 21 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

කැනඩාවේදී මියගිය මස්‌සිනාට ප්‍රභා සියලු දේපළ ලියලා

කැනඩාවේදී හදිසියේම මියගිය ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ සුන්දරම් රාඡේන්ද්‍රන් නමැත්තා ප්‍රභාකරන් සතු කැනඩා ඩොලර් කෝටි 200 ක්‌ පමණ වටිනා දේපළවල උරුමක්‌කාරයා යෑයි හෙළි වී ඇත.

රනිල්, චන්ද්‍රිකා, වික්‍රමබාහු, මනෝ ගනේෂන් පෙරමුණකට මට සහාය දෙන්න බෑ

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය, ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්‌වීමට තීරණය කළ බව ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔබ මෛත්‍රීපාල මහතා ළඟින්ම අසුන් ගෙන සිටියා. නමුත් දින කිහිපයකට පසුව යළිත් මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඔබගේ එම ක්‍රියාකලාපය පිළිබඳව මේ වන විට විවිධ අර්ථකතනයන් ඉදිරිපත් වී තිබෙනවා. ඔබගේ තීරණයන් පිළිබඳව ඔබගේ අර්ථකතනය කුමක්‌ද?

නීති විරෝධී කටවුට්‌ 50% ක්‌ තවම ප්‍රදර්ශනයේ

ජනාධිපතිවරණයට අදාළව රටපුරා ඉදිකර ඇති දැවැන්ත කටවුට්‌ පෝස්‌ටර් බැනර් සැරසිලිවලින් 50% ක පමණ ප්‍රමාණයක්‌ තවමත් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

'මෛත්‍රී පාලනයක්‌ ස්‌ථාවර රටක්‌' හැම නිවසකටම

රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම ඇතුළු රටේ දැවෙන ප්‍රශ්නවලට සිය විසඳුම් ඇතුළත් ජනාධිපතිවරණ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ "මෛත්‍රී පාලනයක්‌ - ස්‌ථාවර රටක්‌" නම් ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සෑම නිවසකටම බෙදාහැරීමට විපක්‍ෂය තීරණය කර ඇත.

'තුන්කල් දැක්‌ම'  එළිදැක්‌වීම හෙට

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරෙන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාවලියක්‌ හා පුළුල් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංවිධානයක්‌ මූලික කරගෙන සකස්‌ කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය ස්‌ථිරයි

ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නියත වශයෙන් සිදුවෙන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

විශ්වවිද්‍යාල ප්‍රති පාදන කොමිෂන් සභාවේ සභා පතිනිය හෙළිකරන සත්‍ය තොරතුරු

සමහරු සහෝදර සමාගමක්‌ ගැන කියමින් ජනාධිපතිතුමාට පහර දෙනවා. සහෝදර යන් නැත්තේ කාටද? පවුල් බැඳීම ඉවත්කර කටයුතු කරන්න කාටවත් බැහැ.


කොළපාට තලප්පා දාගෙන ඉන්න
අමුතුම කණ්‌ඩාය මක්‌ මේ පැත්තේ ගැවසෙනවා

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න...04

පූජකයන් වගේ ඉන්න ඒ පිරිස මුස්‌ලිම් මූලධර්ම වාදය ප්‍රචාරය කරනවා. ඒ මූලධර්මවාදී රැස්‌වීම්වලට විශාල තරුණයන් පිරිසක්‌ සහභාගි වෙනවා. මොකද මේ ප්‍රදේශවල තරුණ ජනගහනය වැඩියි.

ලංකාවේ අඩුම වයසින් බී. ඒ. පාස්‌ කළ තරුණයා

විදුහල්පතිතුමා කිව්වලු "මේ ළමයා පහළ බාලාංශයට හොඳ වැඩියි... ඒකයි මම කිව්වේ පහළ බාලාංශයට ඇතුළත් කරගන්න බැහැ කියලා. මම මේ ළමයා තුන්වැනි පන්තියට ගන්නම්" කිව්වාලු.


දිවයින  සැනෙකින් පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ 64 වැනි ජන්ම දිනය යෙදි තිබුණේ පසුගිය 18 වැනිදාය. විපක්‌ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පිණිස අවිස්‌සාවේල්ල නගරයේදී එදින පැවති ජන රැලියේදී සරත් ෆොන්සේකා මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට කේක්‌ කෑල්ලක්‌ කවන අයුරුයි මේ.

ඡායාරූපය - කමල් බෝගොඩ


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරතව සිටින අතරතුර පසුගියදා සේරුවිල මංගල මහා විහාරයේ පැවැති ආගමික වතාවත්වලට සහභාගි වූ අවස්‌ථාවේ එහි සිටි කුඩා දියණියක්‌ සුරතල් කළ අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

යුද බිමේ කේලාම් හොයන්න අපෙන් යානා දෙකක්‌....!

අද, යුද්ධය නිමා කිරීමෙන් පසු ගතව ඇති වසර 5 ක්‌ තරම් කෙටි කාලය ඇතුළත මේ ආකාරයේ යානා ද්විත්වයක්‌ම ශ්‍රී ලංකාව තුළ දී නිපදවා ගැනීමට අපේ පර්යේෂකයෝ පිරිසක්‌ සමත්ව සිටිති. 


තැපැල් ඡන්දය 23 -24

ජනාධිපතිවරණයේ දී රජයේ සහ අත්‍යවශ්‍ය සේවාවන්හි රාජකාරි කරන ලක්‍ෂ පහමාරකට ආසන්න පිරිසක්‌ අඟහරුවාදා (23 දා) සහ බදාදා (24 දා) තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.

පැරණි වම යළිත් අනතුරක·

ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ දේශවිමුක්‌ති ජනතා පක්‍ෂය යන පැරණි වමේ පක්‍ෂ දෙකඩ වන තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයි එම පක්‍ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇද වැටීම·

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 11 ක්‌ සපිරුණේ ඉකුත් 12 වැනිදාය. ගෙවුණු වසර 11 තුළදී රටේ පැහැදිලි දේශපාලන ආර්ථික හා සමාජමය පරිවර්තනයක්‌ සිදුවිය.

රත්මලාන ඉහළ අහසේදී
ඇන්ටනොව් යානයට සිදුවූයෙ කුමක්‌ද?

ඇන්ටනෝව් යානාව අඩි 2000 සිට අඩි 1500 දක්‌වා පහළට බැස ඇත්තේ රත්මලාන ධාවන පථයට පිවිසීම සඳහාය. එහෙත් 6.20 ට එය හෝකන්දර රබර් වත්තකට කඩා වැටී තිබේ.


සී.එෆ්.එල්. බල්බයේ කළුවර සටහන

කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට්‌ එක මත, අවුරුදු 20 ක්‌ පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතලකම සිතා ගත හැකි වනු ඇත.


මට වඩාත්ම ගැලපෙන්නේ රොජර් සෙනෙවිරත්න
- නයනා කුමාරි

ප්‍රතිභා සම්පන්න වීමත් ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක වීමත් යන දෙකම එකවර හිමිකරගන්නා අය ඇත්තේ අතලොස්‌සකි. ඒ අතරට නයනා කුමාරිගේ නම නොකියෑවේ නම් අරුමයකි.


අරවින්දගේ සල්ලි ගත්ත විසිවතාවක්‌ හිරේ ගිය අයිඅර්සී කාරයා

සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ තිබූ සේප්පුවෙන් රුපියල් පනස්‌ ලක්‌ෂයක්‌ පමණ වටිනා මුදල් සොරා ගැනීමේ සිදුවීම මහත් ආන්දෝලනයට තුඩුදුන් එකක්‌ බවට පත්ව තිබුණේය.

 

 
  • සුවිසල් නිවසේ පතලට දිවිදුන් මහින්ද සහ නන්දන

    පතල් කර්මාන්තය අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණිය. විජය කුමාරයා ලංකාවට පැමිණීමටත් පෙර සිට පතල් කර්මාන්තය මෙරට තිබූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එතරම් අතීතයක්‌ ඇති පතල් කර්මාන්තය තවමත් ඇත. රට තුළ විවිධ ප්‍රදේශවල දක්‌නට ලැබේ.

     

  • ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කරන මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය

    මැතිවරණය ඕනෑවටත් වඩා උණුසුම් වී ඇත. සෑම තැනම ඇසෙන්නේ මැතිවරණය පිළිබඳ කතා ය. මුලදී දුම්රියේ, බස්‌ රථයේ නාගරික සමාජය අතර පැවැති මැතිවරණ සංවාද දැන් ගමේ කඩපිල් දක්‌වා ම ව්‍යාප්තව ගොසින්ය. සංවාදයක්‌ පැවතී නම් රටක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳය.
     

  • ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් දෙකටම එකවර ලෑස්‌ති වන්න

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා විපක්‍ෂයේ පක්‍ෂවල එකමුතුව දෙපසකින් තරග වදින ජනාධිපතිවරණ ඡන්ද සටනේ උණුසුම්ම සිදුවීම් සහිත තවත් සතියක්‌ ගෙවී ගියේය. ඒ සතිය තුළ මේ රටේ ජනතාව දේශපාලන ක්‍රියාකාරකම් ලෙස දෙපැත්තෙන්ම දුටුවේ අපේක්‍ෂකයෝ දෙදෙන එක හැල්මට දුවන රැස්‌වීම් මාලාවකි. රැස්‌වීම් රැස්‌වීම් රැස්‌වීම් හා තවත් රැස්‌වීම්වලට අමතරව තවත් කිසිවක්‌ නැති තරම්ය.
     

  • මුදල් තනතුරු වරදාන ලුහුබඳින පැනිලි තවම ඉවර නෑ

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරම්භ වූ එක්‌ පක්‍ෂයක සිට තවත් පක්‍ෂයකට පැනීම හෙවත් 'පිල්මාරු' තවමත් අවසන්වී නැත. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගෙන් ආරම්භ වූ මෙම පක්‍ෂ මාරු කිරීම් මේ වනවිට පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දක්‌වා පැතිරගොස්‌ තිබේ.

  • රටින් සියයට 75ක්‌ මුදා ගත්තේ කවුද?

    ලන්ඩන් නුවර ඊළම් ද්‍රවිඩයන් හිටපු ජනාධිපතිනිය වෙත පවසා ඇත්තේ රිවිරැස මෙහෙයුම නිසා ලක්‍ෂ ගණනක්‌ ද්‍රවිඩයන් මෙන්ම ෙඓතිහාසික නල්ලූර් කෝවිලද විනාශ වන බවයි. එහෙත් හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති රත්වත්තේ ඇගේ ඉල්ලීම නොතකා රිවිරැස මෙහෙයුමින් යාපන අර්ධද්වීපය අල්ලා ගත්තේය.

       

 

  • දිනන සටනක මෙහෙයුම...

    කෙසේ වෙතත් ලෝක කුසලාන සඳහා මාස කිහිපයක සිට සූදානම් කළ ඇතැම් ක්‍රීඩකයන් එක දිගට අසමත් වීම තේරිම් කමිටුවේ හිසේ රුදාව වැඩිකරවන්නක්‌ වී තිබේ. එබැවින් ඔවුන්ට අවස්‌ථාව දී ඇදෙගෙන නාගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව උත්සුක නොවනු ඇතැයි අපගේ වැටහීමයි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.