දවුල්දෙන මහ නාහිමියන්ගේ 100 වැනි ජන්ම දිනය අද

සමන් ගමගේ

අමරපුර නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය දවුල්දෙන සිරි ඥානිස්‌සර මහනායක හිමිපාණන් වහන්සේ අද (2014 දෙසැම්බර් 31 දා) සිය ජීවන මගේ සියවන ජන්ම දිනය සපුරති.

වර්ෂ 1915 දෙසැම්බර් මස 31 වැනිදා නුවරඑළිය හග්ගල දවුල්දෙන ග්‍රාමයේදී උපත ලද මහනායක හිමිපාණන් වහන්සේ 1928 මාර්තු 08 වැනිදා පැවිදි දිවියට ඇතුළත් වූහ.

පසුව 1930 වසරේදී කොළඹ විෙද්‍යාaදය මහ පිරිවෙනට ඇතුළත්ව විශිෂ්ට සාමාර්ථයන් ලබමින් පිරිවෙන් අධ්‍යාපනය හමාර කළ උන්වහන්සේ 1938 වසරේදී උඩරට අමරපුර නිකායට අයත් විදුරපොළ මංගල උපෝසථාගාරයේදී පැවිදි උපසම්පදාවට පත්වූහ.

සිය පැවිදි දිවිය තුළදී සම්බුද්ධ ශාසනයටත්, මෙරට ජන සමාජයටත් ඉමහත් සේවාවක්‌ කළ ලොකු කුඩා, බාල මහලු සියලු මනුෂ්‍යයන්ගේ වන්දනා බහුමානයට පාත්‍ර වූ සුපේශල යතිවරයාණන් වහන්සේ කෙනකු වන උන්වහන්සේ අතිපූජ්‍ය අග්ගමහා පණ්‌ඩිත මඬිගේ පඤ්ඤාසීහ මහනායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු මහා සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක ධූරයට පත් වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.