මනමේන්ද්‍ර මහින්දට

සිරිමන්ත රත්නසේකර

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ නව සිහළ උරුමය පක්‍ෂයේ නායක හා මෙවර ජනාධිපතිවරණ අපේක්‍ෂක සරත් මනමේන්ද්‍ර මහතා ඊයේ (30 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්‌වීමට එක්‌විය.

ඊයේ (30 වැනිදා) පෙරවරුවේදී අරලියගහමන්දිරයේදී මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ සරත් මනමේන්ද්‍ර මහතා, ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව පැවැසීය.

විපක්‍ෂය එක්‌ අරමුණක්‌ වෙනුවෙන් කටයුතු නොකරන බැවින් සහ ජාතික ඇඳුම ඇඟලා ගෙන විපක්‍ෂයට සහයෝගය දිය නොහැකි බැවින් තමන් මෙසේ ආණ්‌ඩුවට එක්‌ වූ බව සරත් මනමේන්ද්‍ර මහතා දිවයිනට ඊයේ (30 වැනිදා) පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.