සඳැස්‌ ද, නිසඳැස්‌ ද යන ආකෘති කවියකට වැදගත් නැහැ

මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ


ජී. ඇම්. කුරවි කූජනා කිවිඳිය ඒ - 9 පාර කාව්‍ය සංග්‍රහය සිය පියාණන් වන සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනයේ ලේකම් ජී.ඇම්. අජිත් කවියාට පිළිගැන්වූ අයුරු.

මල්වාන - නිහාල් හේමන්ත

නිර්මාණශීලී අලුත් කවි පරපුරක්‌ දකින්නට ලැබීම සතුටට කරුණක්‌ බවත් කවියට ආදරය කරන සියලු දෙනාම එය අගය කරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා පැවැසීය.

රාජගිරිය සිරිනද විදුහලේදී පැවැති ජී. ඇම්. කුරවි කූජනා යොවුන් කිවිඳියගේ ඒ - 9 පාර කාව්‍ය සංග්‍රහය එළිදැක්‌වීමේ උත්සවයේදී එසේ පැවැසූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

කවියක්‌ නිර්මාණය කිරීමේදී වැදගත් වන්නේ සඳැස්‌ද නිසඳැස්‌ ද යන ආකෘතිය නොවේ. එම නිර්මාණය තුළින් සමාජයට පැහැදිලි කරන පණිවිඩයයි වැදගත් වෙන්නේ. කුරවි කූජනා දියණිය මැද මාවතක සිට සිය නිර්මාණ සංග්‍රහය තුළින් සමාජයට හොඳ පණිවිඩයක්‌ ලබාදීමට දක්‌ෂ වී තිබෙනවා. ඒ - 9 පාර යනුවෙන් තම පළමු ග්‍රන්ථය නම් කිරීමෙන්ම වයසට වඩා ප්‍රතිභාවක්‌ පෙන්නුම් කර තිබෙනවා.

රාජගිරිය ශ්‍රී ධම_විජයාරාමාධිපති දෙවුන්දර ධම්මරුචි හිමි, සමස්‌ත ලංකා කවි සම්මේලනයේ ලේකම් දයාරත්න රණේපුර, සිංහල තරුණ කවි සමාජයේ සභාපති පැල්පිට උබයවර්ධන. මාලබේ රාහුල බාලිකා විදුහලේ හිටපු විදුහල්පතිනි සිරිමතී පියසිලි ජයරත්න, මාලබේ රාහුල බාලිකා විදුහලේ ආචාර්ය ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු කිහිප දෙනෙක්‌ මෙහිදී අදහස්‌ දැක්‌වූහ. කවි කිවිඳියන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.