නාස්‌උලාගල කන්ද නාය යැමේ අවදානමක්‌

යන්න කිව්වට තැනක්‌ නෑ අවදානමට ලක්‌වූ පිරිස

සිරිල් ජයසිංහ - ලුණුගල

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ "අංගොඩ" ග්‍රාම නිලධාරි වසමට අයත් නාගොල්ල, පේරවත්ත, වැව තැන්න, නො.04, ඇතුළු ගම්මානවලට ඉහළින් පිහිටා ඇති "නාස්‌ උලාගල කන්ද"පසුගියදා ස්‌ථාන 3 කින් දැඩිලෙස නාය යැමට ලක්‌වීමෙන් හා මේ වනවිට නායයැමේ අවදානමට ලක්‌ව තිබීම නිසා පවුල් 50 කට අධික සංඛ්‍යාවක්‌ දැඩි අවදානමට ලක්‌ව සිටිති. මේ පිළිබඳව "දිවයින"ට අදහස්‌ දැක්‌වූ එස්‌. එස්‌. ශාන්ත මහතා - ඉස්‌සෙල්ලාම නාය ගියේ 2011 අවුරුද්දේ. පවුල් 50 ක්‌ විතර මේ ගම්මානයේ පදිංචි වෙලා ඉන්නවා. ගමට උඩින් තියෙන "නාස්‌ උලාගල කන්ද" පුqපුරලා 2011 ඉඳලා අපට යන්න කියනවා. කොටසක්‌ ප්‍රදේශය අතහැරලා ගියා. අපට යන්න තැනක්‌ නැහැ. අපි ඉල්ලන්නේ අපට නිදහසේ ජීවත් වෙලා ඉන්න පුළුවන් ඉඩම් කැබැල්ලක්‌ දෙන්න කියලා. මං නිවාස අධිකාරියෙන් ණයක්‌ අරගෙන නිවස හදන්න පටන් ගත්තා. දැන් මේවා අත්හැරලා දාන්න වෙනවා.

මේ වනවිට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව සොරණාතොට ප්‍රාදේශිSය ලේකම් කාර්යාලය මගින් පවුල් කීපයකට ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර එම පවුල් සඳහා මිරිස්‌ වත්ත විහාරස්‌ථානයේ තාවකාලික කඳවුරක්‌ පිහිටුවා තිබේ.

මේ වනවිට සාම්ප්‍රදායික කෘෂි ගම්මාන වන මෙම ගම්මානවල පදිංචි ඇතැම් පවුල් තම ජීවිත කාලය තුළ වගා කරන ලද කොස්‌, දෙල්, පොල්, පුවක්‌, ගම්මිරිස්‌ ආදි වගාවන් හා තමන් විසින් ඉදි කරන ලද නිවාස හැරයැමේ සූදානමින් සිටිති.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ එස්‌. එස්‌. අනුර හේරත් "මේ ගම්මානයේ පරම්පරාවෙන් පදිංචි වෙලා ඉන්න පිරිසක්‌ වගේම එල්. ආර්. සී. ඉඩම්වල ඉන්න කොටසක්‌ ඉන්නවා. අපට ඉවත් වෙන්න කිව්වාට යන්න එන්න තැනක්‌ නැහැ. නෑයන්ගේ ගෙවල්වලට යන්න තිබුණත් නෑදැයෝ ඉන්නෙත් මේ කන්ද පාමුල කොහෙන් හරි ඉඩමක්‌ දුන්නොත් අපට යන්න පුළුවන්.

මේ වන විට ගමට පිවිසෙන මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති අතර ගම්මානය තුළ මාර්ගය නාය යැම නිසා ගලාගෙන ආ මඩ හා ගල්වලින් වැසී ඇත. හදිසි රෝගියෙකු රෝහලට ගෙන යැම, ඉදිරි පාසල් වාරය තුළ දරුවන්ට කුට්‌ටියගොල්ල විද්‍යාලයට යැම සහ එදිනෙදා කටයුතු සඳහා මාර්ගයේ ගමන් කිරීම ඉතාමත්ම අසීරු වී ඇත.

මේ වන විට ගම්මානයේ පදිංචි බොහෝ දෙනා තම දේපළ විකුණා වෙනත් ප්‍රදේශයකට යැමට අපේක්‌ෂාවෙන් සිටියද එසේ විකිණීමට හෝ නොහැකිව ඇත්තේ "නාය යන" ඉඩම් සඳහා වටිනාකමක්‌ නොමැති බැවිනි.

තැනින් තැන දැක ගැනීමට ඇත්තේ අඩක්‌ නිම කරන ලද නිවාස හා එසේම "හෙට දිනක්‌" සඳහා අපේක්‌ෂාවක්‌ නොමැතිව සිටින පිරිස්‌ය.

හල්දුම්මුල්ල මීරියබැද්ද හා ආසන්නතම අත්දැකීම වන "රිල්පොල" නාය යැම පිළිබඳව මතකයන් සහිතව ජීවත් වන ඔවුහු සියල්ල අත්හැර දමා කන්ද දෙස නෙත් යොමා සිටිති.

එහෙත් එවන් ෙ€දවාචකයක්‌ යළි නොවන්නට මෙම ස්‌ථානය හැර යැමට හෝ තමන්ට සුදුසු ඉඩම් කැබැල්ලක්‌ ලබාදෙන ලෙසයි ඔවුනගේ ඉල්ලීම වන්නේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.