කම්කරු විමුක්‌ති පෙරමුණේ සහාය ජනපති මහින්දට

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

ඉදිරි ජනාධිපති මැතිවරණයේ දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පූර්ණ සහාය ලබාදීමට කම්කරු විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇත.

මේ පිළිබඳ එම පෙරමුණ මගින් පවත්වන ලද මාධ්‍ය හමුවක්‌ පසුගිය 29 දින හැටන් අජන්තා හිදී පැවැති අතර එහිදී අදහස්‌ දැක්‌වූ එම පෙරමුණේ සභාපති ටී. අයියා දොරේ මහතා පවසන ලද්දේ මෙවර ජනාධිපතිවරණයේ දී තම පෙරමුණ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පූර්ණ සහාය ලබාදීමට තීරණය කළ බවත්ය.

මෙහිදී වැඩිදුරටත් කතාකළ ටී. අයියා දොරේÊමහතා - අපි 2005 හා 2010 යන මැතිවරණවලදී ද මහින්ද රාජපක්‌ෂ මහතාට පූර්ණ සහාය ලබා දුන්නා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ වතුකරයට අවශ්‍ය විදුලිය, අධ්‍යාපනය නඟා සිටුවීමට අවශ්‍ය ගුරුවරුන් ලබාදීම මෙන්ම වතුකරයේ මාර්ග, නවීකරණය කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අපි කරපු එම ඉල්ලීම්වලට අද වන විට සාර්ථක පිළිතුරු ලැබිල.

වතුකරයට ඒ තරම් සේවයක්‌ කරපු වෙනත් අයෙක්‌ නැහැ. ඒ නිසා අපි මෙවරත් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පූර්ණ සහාය ලබාදීමට තීරණය කළ බව එම පෙරමුණ සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.