මෛත්‍රිගේ කාර්යාල 4 කට පහර දුන් 8 දෙනෙක්‌ දැලේ

දඩයම්තලාව - පී. ජයසිංහ

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඉදිකර තිබූ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පරගහකැලේ, පලතුරුවැල්ල, වේරන්තම, වරංගල යන ගම්මානවල කාර්යාල හතරකට 29 දා රාත්‍රි මැර ප්‍රහාරයක්‌ එල්ල කළ සැකකරුවෝ 8 දෙනා ඉඟිනියාල පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

කැබ් රථයකින් පැමිණි ප්‍රදේශයේ දේශපාලකයකුගේ ආධාරකරුවන් 8 දෙනකු පරගහකැලේ පාසල් හංදිය අසල තිබූ කාර්යාලයට අලාභහානි සිදු කර ඇතැයි පොලිසිය කියයි.

අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක්‌ විසින් පදියතලාව පොලිස්‌ බල ප්‍රදේශයේ පලතුරුවැල්ල, වේරන්කඩ, වරංගල කාර්යාල තුනකට ද අලාභහානි සිදු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පදියතලාව පොලිසිය කියයි.

ඉඟිණියාගල පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් අට දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැඩිදුර පරීක්‍ෂණ ඉඟිණියාගල හා පදියතලාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.