වයඹ එජනිස මන්ත්‍රී අශෝක වඩිගමංගාව මෛත්‍රීපාලට එක්‌වෙයි

අකිත පෙරේරා ඡායා සුජාතා ජයරත්න

වයඹ පළාත් සභා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට ඊයේ (30 දා) ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉවත් විය.

කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස්‌ දක්‌වමින් ඒ මහතා මෙසේද කියා සිටියේය. මම දේශපාලනය ආරම්භ කළේ එජාපයෙන්. 1980 දී මා පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර 20ක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා. පසුව ක්‍රියාත්මක කරනු ලැබූ යුද්ධයට සහාය දීම මගේ යුතුකමක්‌ සේ සලකා ආණ්‌ඩු පක්‍ෂයට එක්‌ වුණා. නමුත් මේ යුතුකම තවදුරටත් ගෙනියන්න බැහැ.

මේ ආණ්‌ඩුව රට අවුරුදු 20 ක්‌ පාලනය කළා. සංවර්ධනය මුවාවෙන් මොවුන් කරන මේ අසාධාරණය තවදුරටත් අනුමත කරන්න බැහැ. මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.