උත්තරීතර මහානායක දවුල්දෙන නාහිමියන්ට දිගාසිරි වේවා!

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන මාහිමියන් සියවස්‌ වියට පත්වීම නිමිත්තෙන් මේ මස 31 දා බණ්‌ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී දීඝායු පැතීමේ පුණ්‍යකර්මයක්‌ පැවැත්වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සංඝ සමාජ භූමිකාව සංඝශෝභන නිම්නයාර්ථ නිම්නයකට ප්‍රවේශ වන්නේ සිල්වත්, නැණවත්, ගුණවත්, පැහැපත්, පරාර්ථවත්, ආදර්ශවත්, ප්‍රතිපත්තියාර්ථවත් සංඝ සමූහයා හේතු කොට ගෙනය. යා යුත්තේ කිනම් අන්තයටද, කළ යුත්තේ කුමක්‌ ද යන්න යථාවබෝධ ඥනයෙන් උකහාගත් අය සඟ සසුනේ දිවි ගෙවන්නේ අල්ප වශයෙනි. ඒ අල්ප අය අතර දවුල්දෙන ශ්‍රී Æණිස්‌සර මාහිමියන් ප්‍රමුඛය.

මානවීය ලක්‍ෂණ

පුළුල් වූ දෘෂ්ටිකෝණයක පිහිටා දිශාන්ත කෙරෙහි මානවීය ලක්‌ෂණ මතුකොට මානව වාදිත්වයට මූලිකත්වය ද මානව සමාජය යහ මඟට යොමු කිරීම මාහිමියන්ගේ අභිප්‍රේතාර්ථය විය. චතුරාර්ය සත්‍ය ධර්මය මත පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරුකොට ගෙන සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට මාහිමියන් නිතර යත්න දැරුවේය. බුදුරදුන් කළේත් මෙයමය. බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් සිදුවිය යුත්තේ කුමක්‌ ද යන්න පිළිබඳව පූර්ණාවබෝධයෙන් උපයුක්‌තව සිටින මාහිමියන් ධර්ම මාර්ගය සෙස්‌සන්ගේ ඥන මණ්‌ඩලය ප්‍රබෝධමත් කිරීමටත්, අවදිමත් කරන්නටත් අතිශයින්ම බලපෑවේය.

දහම් දෙසීමේ ශෛලිය

දහම් දෙසිය යුත්තේ ජනතාවගේ සිත්වල පහන් සංවේග දනවන අයුරිනි. දහමෙහි යථාර්ථ ආකල්ප (ඤබජැචඑs දෙ Reaකසඑහ) පහදා දීම මාහිමියන්ගේ ධර්ම දේශනා සම්ප්‍රදායයි.

ප්‍රබෝධාත්මක ඉසව්වකට පිවිසෙන්නට ධර්මය, ස්‌වකීය ධර්ම ඥනය හේතුකොට ගෙන ඉතා ගාම්භීර හා ආකර්ෂණීය තලයක පිහිටා දේශනා කිරීමේ අපූරු ශෛලියක්‌ මාහිමියන්ට තිබේ.

පාලි, සකු, සිංහල, ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් නිපුණත්වයට පත් මාහිමියන් විශ්ව සාහිත්‍යයට ද කිමිදී ඒවායේ හරය ද උකහා ගත්තේය. ප්‍රඥව ලබන්නට උසස්‌ සම්භාව්‍ය ගණයට ගැනෙන කෘති පරිශීලනය කළ යුතුය. විශ්ව සාහිත්‍යය කෙරෙහි ස්‌වකීය ඥන දෘෂ්ටිය මෙහෙයවා ඒවායේ හරය උකහාගෙන සහෘද මනස සනසන්නට පිනවන්නට මහත් පරිශ්‍රයක්‌ ගත්තේය.

ග්‍රන්ථකරණය

ප්‍රඥවෙන් පරිපූර්ණ වූ මාහිමියන් ස්‌ව නිකාය වර්ණවත් කරන්නට මහත් වෙහෙසක්‌ ගත්තද සෙසු නිකායයන්ට පරමාදර්ශී පිළිවෙත් අනුගමනය කළේය. තැන්පත් නුවණින් විශෝධනීය වූ ගමන් මාර්ගයකට පිවිසි මාහිමියන් තමන්ගේ ඥනය ලේඛන ගත කරන්නට ඉටා ගත්තේය. එහි ඵලයක්‌ වශයෙන් විවිධ විෂයය යටතේ ග්‍රන්ථ සමුදායක්‌ නිර්මාණය කළේය. එම ග්‍රන්ථ අතර, මාරංගනා, විජයම්, අශිඃපුෂ්පමඤ්ජරී, යතිදුතම්, වෛරග්‍ය චින්තා, ධර්මචින්තා, ශ්වාසනස්‌තව කාව්‍යම්, යශොධරාචරීතම්, මගම ගේදාක්‌ෂිණා ශ්‍රවාගමනම්, ජගන්නාට්‌ ප්‍රශස්‌ති හා ආනන්ද මෛත්‍රෙය මහානායක ස්‌වාමින්ද්‍ර, ප්‍රශස්‌ති වැනි ග්‍රන්ථ පරිශීලනයේදී කාලිදාස, කුමාරදාස භාරවී වැනි කවීන්ගේ කාව්‍යාත්මක භූමිකාව අපේ මතකයට නැංවෙති.

විශේෂයෙන් පතඤ්ජලී භවභූති නැති, ආනන්දවර්ධන බඳු භාරතීය පඬිවරුන්ගේ ඥනාත්මක දෘෂ්ටියෙන් ලත් පන්නරය උන්වහන්සේට මහා ග්‍රන්ථ කිරීමට විෂය විය.

නිකායාශ්‍රිත මෙහෙවර

සමාජයේ සංවේදී පිරිසක්‌ බිහිකරන්නට මාහිමියන් නිකායාශ්‍රිතව මහ මෙහෙවරක්‌ සිදුකරත්ම ගම්, නියම්ගම්, පුර, විසල් පුර, පසල් දනව්වලට නික්‌ම ජන සෙත සෑදීමට මාහිමියන් කැපවී සිටින්නේය. ජනතාවට ධර්මාවබෝධය ලබා දීම මූලික කරගෙන යන ගමන් මාර්ගය සුභාවිත වී ඇත. ඒ අන් කිසිවකු නිසා නොව දවුල්දෙන මාහිමියන් නිසා යෑයි කීවොත් එය අතිශයෝක්‌තියක්‌ නම් නොවේ.

මහා විශ්ව කෝෂයක්‌

පැටලුණු පැටලැවිල්ලෙන් ජනකාය ගලවා ගන්නටත්, නොවිසඳුණු ප්‍රශ්න වලදී එම ප්‍රශ්න විස¹ලන්නටත් මාහිමියන් නිතර වෙහෙස ගත්තේ ය. අප මා හිමියන් බැහැදකින්නට ගිය විට අප නොදන්නා බොහෝ කරුණු රැසක්‌ උකහාගෙන එන්නට ලැබීමත් අතිශය වාසනා මහිමයකි. ඒ තරමටම මාහිමියන් මහා විශ්ව කෝෂයක්‌ බඳුය.


භව කුසලතාව

මාහිමියන්ගේ මේ භවය දෙසට යොමු වන විට පෙර භවය යහපත් එකක්‌ වූ බව අපට පැහැදිලිය. පෙර භවය මෙසේ නම් මේ භවය ඊට වඩා සරු මඟකට යොමුවීම හේතුවෙන් ඊළඟ භවය මෙයටත් වඩා පරිපූර්ණ වනවා නොඅනුමානය.

පාරිශුද්ධ චරිතය මත පිහිටීම හේතු කොටගෙන වසර 100 ක්‌ පුරා පැමිණි ගමන් මඟ හැම පැතිකඩකින්ම සරුඵල ගෙන දෙන්නකි. එම සරුඵල මාහිමියන්ට පමණක්‌ සීමා වූයේ නැත. සියලු දෙනාටම භුක්‌ති විඳින්නට මංපෙත් විවර කළේය.

සම්මාන ප්‍රදානය

ආසියානු බෞද්ධ සාම සම්මේලනයෙන් 'සාම රන් පදක්‌කම' විෙද්‍යාදය පිරිවෙනින් 'සංස්‌කෘත චක්‍රවර්ති, ප්‍රාචීන භාෂොපකාර සමිතියෙන් ග්‍රන්ථ විශාරද, අමරපුර මහා සංඝ සභාවෙන් 'භාෂාන්තර විශාරද ජිනශාසන කීර්ති ශ්‍රී, ශ්‍යාමෝපාලි රෝහණ සංඝ සභාවෙන් දෛවි භාෂා විශාරද, ඇමරිකාවේ කැලිපෝනියා සංඝ සභාවෙන් සාහිත්‍යසූරී, උඩරට අමරපුර සාම ගී්‍ර සංඝ සභාවෙන් ත්‍රිපිටකාචාර්ය හා මහෝපාධ්‍යාය මියන්මාරයෙන් අග්ග මහා පණ්‌ඩිත මාලිගාකන්ද විෙද්‍යාදය මහා පිරිවෙනේ ආදි ශිෂ්‍ය සංගමයේ සම්මාන සභාපති වැනි සම්මානයන්ගෙන් සම්භාවනාවට පාත්‍ර විය.

ඌව පරණගම දවුල්දෙන නම් මනස්‌කාන්ත පරිසරයක උපත ලද නිසාම උන්වහන්සේ කලා රසඥතාවයෙන් අනූනය. ඒ රසඥතාව හේතු කොටගෙන දිවියේ දිගු ගමන් මඟක්‌ යන්නට අවකාශ සැලැසුණි. මානවීය ගුණාංග වලින් උපයුක්‌ත ආශාව දුරුකොට නික්‌ලේශී ගමන් මඟකට පිවිසි දවුල්දෙන Æණිස්‌සර මහා නාමියන්ගේ පැවිදි දිවිය තව තවත් නවාර්ථාංගයන්ගෙන් උපලක්‌ෂිත වන්නැයි මේ සියවස එළඹෙන දින මගේ ප්‍රාර්ථනයයි.

කොළඹ දිසාවේ සංඝ නායක කොළොන්නාව ශාසනාරක්‌ෂක බලමණ්‌ඩලයේ සභාපති ගොතටුව පාරමිතා බෝධිමළු විහාරාධිපති ලේඛන සූරී, ශාස්‌ත්‍රපති

අරම ශ්‍රී ධම්මතිලක නාහිමි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.