පොදු දේපළ දේශපාලන වැඩට යොදාගෙන

මාවනැල්ල ප්‍රා. සභා විපක්‍ෂ නායක

යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂයේ මන්ත්‍රී ඊයේ (30 දා) පැවැති මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභාරැස්‌වීම වර්ජනය කර සභාවෙන් පිටව යන ලදී.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදු දේපළ ජනාධිපතිධුර අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමට විරෝධය පළ කර සභාව වර්ජනය කරන බව විපක්‍ෂ නායක අමර සූරියප්පෙරුම මහතා පැවසීය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන රැලිය පැවැත්වීමට මාවනැල්ල නගරයේ පොදු බස්‌ නැවතුම්පළ ලබානොදී ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනරැලිය පැවැත්වීමට එම ස්‌ථානය ලබාදීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්‌ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.