මෛත්‍රීගේ කලාකරුවන්ට පහරදුන් වයඹ මන්ත්‍රී පළා ගිහින්

නෝමන් පලිහවඩන

ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වමින් ගොකරැල්ල පොලිස්‌බල ප්‍රදේශයේ කුඹුක්‌කැටේ ප්‍රදේශයේදී ප්‍රචාරක කටයුතුවල යෙදුණු කලාකරුවන් පිරිසට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික සහ ඔහුගේ රියදුරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇතැයි ගොකරැල්ල පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පාලිත ඩයස්‌ මහතා zදිවයිනටZ ඊයේ (30දා) පැවැසීය.

මෙම පහර කෑමට ලක්‌වූ කලාකරුවන් ගොකරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

මෙම කලාකරුවන්ට ගල්මුල්වලින් සහ බිත්තරවලින් පහර දෙන අයුරු කැමරාගත වූ වීඩියෝ දර්ශනවලින් සොයා ගැනීමට හැකි වෙන බව කී පොලිස්‌ පරීක්‍ෂකවරයා මෙම පළාත් සභා මන්ත්‍රීsවරයාගේ අනුදැනුම මත පුද්ගලයන් ගණනාවක්‌ම මෙම පහරදීමට මුල් වී ඇති බව හෙළි වී තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.