ලක්‍ෂ 4 ක කුඩුත් සමග බොරලැස්‌ගමුවේදී අයෙක්‌ දැලේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

බොරලැස්‌ගමුව දේවාලමුල්ල ප්‍රදේශයේදි රුපියල් ලක්‍ෂ 4 ක මත්කුඩු සමග පුද්ගලයෙක්‌ නුගේගොඩ කොට්‌ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක රෝහණ සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු පාගමනින් යමින් සිටියදී කොටුකර ගෙන තිබේ.

මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 20 යි මිලිග්‍රෑම් 25 ක්‌ බව පොලිසිය කියයි

මොහුට මෙම මත්කුඩු බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම් කරුවකුගේ මාර්ගයෙන් ලැබී ඇතැයි හෙළිවිණැයිද පොලිසිය පවසයි.

43 හැවිරිදි සැකකරුට ලැබෙන මත්කුඩු බොරලැස්‌ගමුව, දෙහිවල, මහරගම යන ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

නුගේගොඩ කොට්‌ඨාස (එක) සහකාර පොලිස්‌ අධිකාරි රොෂාන් රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොට්‌ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඉලංගසිංහ මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක රෝහණ සිල්වා, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ඉෂාර (40844) රූපසිංහ (79593), සූරියබණ්‌ඩාර (13038) පොලිස්‌ කොස්‌තාපල් රියදුරු දිසානායක (15551) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.