ගංවතුර ආපදා ප්‍රදේශවල ඡන්ද වැඩවලට ත්‍රිවිධ හමුදා සහාය
මැ. කො. ආරක්‍ෂක ප්‍රධානීන් හමුවීමට සැරසෙයි

රනිල් ධර්මසේන

ගංවතුරෙන් ආපදාවට පත්ව ඇති ප්‍රදේශවල ඡන්ද විමසීම සිදු කිරීමේදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් හමුවීමට නියමිතය.

මාර්ගවල අවහිරතා මඟ හරවා ගැනීමට යුද හමුදාවේ සහායත්, අවශ්‍ය වුවහොත් හෙලිකොප්ටර් ලබාගැනීමට ගුවන් හමුදාවේ සහායත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා කීය.

ගංවතුර පැවැති ප්‍රදේශවල ඡන්ද විමසීම සාර්ථක කර ගැනීමට ක්‍රියාමාර්ග රැසක්‌ ගැනීමට බලාපොරොත්තු වන බවත් අවතැන් වන ඡන්ද දායකයන්ට වෙනත් ඡන්ද පළක්‌ පිහිටුවන්න සිදුවිය හැකි යෑයිද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.