බියගම කම්හලකදී යන්ත්‍රයකට හසුවූ සේවකයා රෝහලේදී මියයයි

දෙල්ගොඩ - ඩබ්. ඩී. විතාන

බියගම නිදහස්‌ වෙළෙඳ කලාපයේ රබර් අත් මේස්‌ නිපදවන කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට හසුවූ සේවකයකු හිසේ බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29 වැනිදා) මිය ගොස්‌ තිබේ.

මේ සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ මෑන් පවර් ආයතනයක සේවය කරන සේවකයකු වන අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඒ. ධනුෂ්ක සඳකැලුම් නමැති 18 හැවිරිදි තරුණයෙකි.

ඉකුත් 23 වැනිදා දහවල් එම කර්මාන්ත ශාලාවේ දර කපන යන්ත්‍රයක සේවය කරමින් සිටියදී මොහු මේ අනතුරට ලක්‌වූ බව කියති.

බියගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. සිල්වා, පො. කො. පුෂ්පකුමාර (32119) හා පොලිස්‌ ආරක්‍ෂක අශෝක (1202) යන නිලධාරීහු මේ අනතුර ගැන පරීක්‍ෂණ පවත්වති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.