කෑගල්ලේ පොලිස්‌ සැරයන් රිය අනතුරින් මියයයි

කෑගල්ල - එම්. බී. පහළවත්ත

කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන පොලිස්‌ සැරයන් වසන්ත තිලක්‌ බණ්‌ඩාර ඊයේ (30 වැනිදා) සවස 4.30 ට පමණ රංවල හන්දියේදී වෑන් රථයක හැපී බරපතළ තුවාල ලබා කෑගල්aල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව කෑගල්ල පොලිසිය පැවැසීය.

මෙම පොලිස්‌ සැරයන්වරයා තම දරුවා රංවල ප්‍රදේශයේ පංතියකින් රැගෙන ඒමට තම යතුරු පැදියෙන් යමින් සිටියදී වෑන් රථයක්‌ ඔහුව හප්පා පලාගොස්‌ ඇති බවද පොලිසිය පැවැසීය.

මෙම පොලිස්‌ සැරයන් වරයා දෙදරු පියෙකු වන අතර ඔහුගේ භාර්යාවද කෑගල්ල පොලිසියේම කාන්තා පොලිස්‌ සැරයන් වරියකි. මියගිය අය පාසලක ප්‍රදේශයේ පදිංචි වූ වෙකු වූ අතර ඔහු පොලිස්‌ නේවාසිකාගාරවල පදිංචිව සිට ඇත. මෘත ශරීරය කෑගල්ල මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත් කර ඇති අතර කෑගල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්‌ෂන පවත්වන අතර පලාගිය වෑන් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.