දවුල්දෙන මහ නාහිමිගේ අනභිබවනීය සේවාව ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක්‌
-ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පරමාදර්ශි සංඝ සමාජයක්‌ බිහිකිරීම සඳහා උතුම් පරමාර්ථයක්‌ පෙරදැරි කොටගනිමින් අසිරිමත් ශාසනික මෙහෙවරක නිරතව වැඩවසන අතිගෞරවාර්හ දවුල්දෙන Cදාණිස්‌සර මහනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ අනභිබවනීය සේවාව ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයකැයි උන්වහන්සේගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක්‌ නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.

ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති එම ශුභාශිංසන පණිවුඩයේ මෙසේද දැක්‌වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද අග්ගමහා පණ්‌ඩිත අතිගෞරවාර්හ දවුල්දෙන Cදාණිස්‌සර නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ සියවන ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක්‌ නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ ගාමක හා තීරණාත්මක බලවේගය ලෙස ගරුතර මහා සංඝරත්නය කටයුතු කොට තිබේ. මහාවංශය, චූලවංශය වැනි ලිත ඓතිහාසික සාධක අනුව සෑම පාලන යුගයකදීම උන්වහන්සේලාගේ සෘජු මැදිහත්වීම සුවිශේෂී වේ. ස්‌වකීය ශාසනික මෙහෙවර අතරතුර සංකීර්ණ සමාජ, ආර්ථික හා දේශපාලන වගකීම් ද දරමින් ජාතියේ මුරදේවතාවුන් ලෙසින් සම්භාවනීය මෙහෙවරක්‌ මාතෘභූමියට ඉටුකරන ගරුතර හා සංඝරත්නය වෙතින් නිබඳව හිමිවන ආශිර්වාදය හා ශක්‌තිය අපිරිමිතය.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා සංඝරත්නයෙන්ද ඉටුවූයේ අනගි සේවාවකි. වර්ෂ 1915 දෙසැම්බර් මස 31 වැනි දින ජන්මලාභය ලද අතිගෞරවාර්හ දවුල්දෙන Cදාණිස්‌සර නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ හට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරය දැරීමේ භාග්‍යය හිමිවීම උන්වහන්සේ ලද භාග්‍යයකි.

පරමාදර්ශි සංඝ සමාජයක්‌ බිහිකිරීම සඳහා උතුම් පරමාර්ථයන් පෙරදැරි කොට ගනිමින් අසිරිමත් ශාසනික මෙහෙවරක නියුතුව වැඩවසන අතිගෞරවාර්හ දවුල්දෙන Cදාණිස්‌සර නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අනභිබවනීය සේවාව ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයකි.

සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා ස්‌වකීය ශාස්‌ත්‍රීය සේවාවන් මගින් සුවිශාල මෙහෙවරක්‌ ඉටුකරන උන්වහන්සේ විදේශයන්හි ධර්ම ප්‍රචාරක කටයුතු ද සිදුකරමින්, නිර්මල ථෙරවාද බුදුදහමේ පණිවුඩය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් ඉටුකරන ශාසනික සේවාව ද මම ඉතා අගය කොට සලකමි.

ස්‌වකීය ආදී කතෘන් අනුගමනය කළ මාර්ගය අනුව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක තනතුරේ වගකීම නොපිරිහෙලා ඉටුකරන උන්වහන්සේ ත්‍රෙයිනිකායික මහා සංඝරත්නය හා සම්බන්ධ වී එක්‌ අරමුණක පිහිටා සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා සිදුකරන ශාසනික මෙහෙවර සම්භාවනීය වේ.

කෘතපුණ්‍ය ලක්‍ෂණයෙන් ආඩ්‍යව ශාසනය බැබළවීමේ යෝග්‍යතාවයෙන් හා සංඝශෝභන ගුණයෙන් සපිරිව ගුණගරුක ප්‍රව්‍රජ්‍යා ජීවිතයක්‌ ගතකරන උන්වහන්සේ ස්‌වකීය විහාරස්‌ථානයන් මුල්කොට ගනිමින් විශාල ශාසනික සේවාවක්‌ ද ඉටුකරමින් ජනතා අභිවෘද්ධිය උදෙසා ජාතික, ආගමික හා සමාජයීය වශයෙන් සිදුකරන සේවාවන් ආදර්ශවත් වේ.

බිහිසුණු ත්‍රස්‌තවාදය පරාජය කොට මාතෘභූමිය තුළ සාමය, සංහිදියාව හා සංවර්ධනය සපිරි සුරක්‌ෂිත හෙටක උරුමය, මතු පරපුරට දායාද කිරීමේ වගකීම හා සාරධර්ම සුරකින වඩාත් විනයගරුක සමාජයක්‌ නිර්මාණය කිරීම උදෙසා ගෞරවනීය ඔබ වහන්සේ වෙතින් ලද ශක්‌තිය, ධෛර්යය හා අවවාද අනුශාසනා මා සිහිපත් කරන්නේ ඉමහත් භක්‌තියෙනි.

සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් ලෝක ශාසනික සේවාවන් ඉටු කිරීමට ත්‍රිවිධ රත්නයේ සුවිසි ගුණ බෙලෙන්, ශ්‍රී දළදා වහන්සේගේ පිහිටෙන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ රැකවරණින් නිදුක්‌ නිරෝගී භාවයත්, වීරජීවනයත් සියවන ජන්ම දිනය සමරන අතිගෞරවාර්හ දවුල්දෙන Cදාණිස්‌සර නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට ලැබේවා · යි ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේ විසින් සිදුකරන සියලු සද් කාර්යයන් තවදුරටත් කිරීම සඳහා ශක්‌තිය හා ධෛර්යය ලැබේවා · යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.