අවස්‌ථාවාදීන් පනිනකොට අවංක බෞද්ධයන් ජනපති වටා රොක්‌විය යුතුයි
-සාමබලකා නායක ෆයිසාල් රශීන්

වසන්ත ලියනගේ

අද තම වාසිය තකා එහාට මෙහාට පිල් මාරුවෙන බොහෝ දේශපාලනඥයින් සිටන බවත් එවන් අවස්‌ථාවාදීන්ගෙන් විශේෂයෙන් බෞද්ධයන් ප්‍රවේසම් විය යුතු බවත් අප මාතෘ භූමිය ත්‍රස්‌තවාදයෙන් මුදවාගත් ජනපති මහින්ද රාජපක්‍ෂයාණන්ව (ඛසදබ දෙ Asස්‌) අවස්‌ථාවාදීන්ගෙන් ආරක්‍ෂා කිරීමට පක්‍ෂ, ජාති, ආගම්, කුල භේද නොතකා සියලු දෙනා එක්‌විය යුතු බවත් සාමබලකා නායක, ඉරාන තානාපති ෆයිසාල් රශීන් මහතා සිප්පිකුලමේදී පැවසීය.

ලලිත් අතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර්. ප්‍රේමදාස, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය ගුණරත්න, රෝහණ විෙ-වීර වැනි දක්‍ෂ බෞද්ධ නායකයින් රටට අහිමි වූයේ බෞද්ධයන් කුලල් කාගත් නිසා බවත්, අපේ අනාගත දරුවන් වෙනුවෙන් රට සීඝ්‍ර සංවර්ධනයක්‌ කරා රැගෙන යන රටේ දැනට ඉතිරි වී සිටින එකම අවංක බෞද්ධ නායකයා වන මහින්ද රාජපක්‍ෂයාණන් ආරක්‍ෂා කිරීම සියලු ජාතීන්ගේ යුතුකමක්‌ බවත් ෆයිසාල් රශීන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.