එජාප ගම්පහ නාගරික මන්ත්‍රීගේ සහාය මහින්ද රාජපක්‌ෂට

ගම්පහ - සමූහ සුසිල් රණමුක

එක්‌සත් ජාතික පක්‌ෂයේ ගම්පහ නාගරික මන්ත්‍රීවරයකු වන සුසන්ත ගුරුගේ මහතා එක්‌සත් ජාතික පක්‌ෂය අතහැර දමා ඊයේ 30 වැනිදා සවස ගම්පහ නගරයේ පැවැති ජනපතිවරණ මැතිවරණ වේදිකාවේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌විය.

දේශීය වෛද්‍ය නි/ඇමැති ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පණ්‌ඩු බණ්‌ඩාරනායක මහතා ප්‍රමුඛ ජනතාව සමග පෙළපාලියකින් උත්සවාකාරයෙන් සුසන්ත ගුරුගේ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන වේදිකාවට එක්‌විය.

සුසන්ත ගුරුගේ මහතා එක්‌සත් ජාතික පක්‌ෂය තුළ වසර 30 ක පමණ එජාප දේශපාලනයෙහි නිරතව සිට එජාප නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත් වී සිටි අයෙකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.