පොදු අපේක්‌ෂක මැතිවරණ කාර්යාල හතරකට ගිනි තබති

පදියතලාව භාෂණ සත්‍යප්‍රිය සහ දඩයම්තලාව ජී. ජයසිංහ

විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පදියතලාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල හතරකට පෙරේදා (29 දා) රාත්‍රියේ හා ඊයේ (30 දා) අලුයම කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා විනාශ කර ඇත.

පදියතලාව නගරයේ මැතිවරණ කාර්යාල ඇතුළුව හෝලිතේ, මරංගල, පලතුරුවැල්ල යන ප්‍රදේශවල තිබූ මැතිවරණ කාර්යාල මෙසේ ගිනි තබා ඇත.

පදියතලාව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.