දෝනි හදිසියේම ටේස්‌ට්‌ වලට සමුදෙයි

ඉන්දියාවෙන් මෙතෙක්‌ බිහිවූ සාර්ථකම ක්‍රිකට්‌ නායකයා ලෙසින් සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඊයේ (30 දා) විශ්‍රාම ගනු ලැබීය.

ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් තමා සමුගත් බව දෝනි මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය. මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමග තවත් ටෙස්‌ට්‌ තරගයක්‌ ඉතිරිව තිබියදීම ඉන්දියාව ඔස්‌ටේ්‍රලියාව හමුවේ තරගාවලිය 2-0 ක්‌ ලෙස පරාජයට පත්විය. එමෙන්ම ඉන්දීය පිල අවසන් වරට තරග වැලි තරගාවලි ත්‍රිත්වයම (දකුණු අප්‍රිකාව සමග 1-0 යි, නවසීලන්තය සමග 1-0 යි සහ එංගලන්තය සමග 3-1 ක්‌) පරාජයට පත්විය.

තවමත් 33 වැනි වියේ පසුවන දෝනි ඉදිරියේදී එක්‌දින සහ විස්‌සයි/20 තරග අංශවලට පමණක්‌ සිය දායකත්වය ලබාදීමට සූදානමින් සිටියි. හෙතෙම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්‌ට්‌ තරග 90 කට දායකත්වය ලබාදෙමින් මුලු ලකුණු 4876 ක්‌ රැස්‌කරගෙන සිටියේය. එයට ශතක 6 ක්‌ සහ අර්ධ ශතක 33 ක්‌ අතුළත් වන අතර ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 38.09 ක්‌ ලෙස සටහන් ව තිබේ.

දෝනිගේ නායකත්වය යටතේ 2009 වසරේ දෙසැම්බර් මස සිට අඛන්ඩව වසර එකහමාරක කාලයක්‌ ලෝක ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 සථානයේ වැජඹීමට ඉන්දීය පිලට අවස්‌ථාව උදාවිය. 2005 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ වරම් දිනාගත් දෝනි මේ දක්‌වා ඉන්දියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 61 ක්‌ මෙහෙයවමින් තරග 27 ක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ. ඔහුගේ නායකත්වය යටතේ තරග 18 ක්‌ පරාජයට පත්වී තිබේ.

මේ අතර ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන සිව්වැනි සහ අවසන් ටෙස්‌ට්‌ තරගයේදී ඉන්දීය පිල විරාට්‌ කෝලි විසින් මෙහෙයවනු ලබයි.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v