2015 ප්‍රීමා කොත්තු මී දින දර්ශනය හා විලාසිතා දැක්‌ම

ප්‍රීමා කොත්තු මී - 2015 දින දර්ශනය එළිදැක්‌වීම හා "ගාලා" විලාසිතා දැක්‌ම 6 වැනි වරටත් පසුගියදා කොළඹ පාර්ක්‌ ස්‌ට්‍රීට්‌ මිව්ස්‌හිදී උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.

ප්‍රීමා කොත්තු මී සන්නම් නාමයේ ස්‌වභාවය දඟකාර තාරුණ්‍යය සමග මුසුකොට තාරුණ්‍යය සහ ජවය පෙන්වීම උදෙසා මෙම වර්ණවත් දින දර්ශනය එළිදැක්‌වීම සෑම වසරකම සිදුකරයි.

පිටිසර පළාත්වල තරුණ තරුණියන්ට විලාසිතා ක්‍ෂේත්‍රයට පිවිසීමේ ඉඩකඩ ප්‍රීමා කොත්තු මී තුළින් හිමිකරදීම විශේෂත්වයකි. විලාසිතා ලෝකයේ හෝ රංගන ක්‍ෂේත්‍රයේ දිදුලන තරුවක්‌ වීමට සිහින දකින ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන තරුණ තරුණියන් දහස්‌ ගණනකට එම සිහින ඉටුකර ගැනීම සඳහා ප්‍රීමා කොත්තු මී අවස්‌ථාව උදාකරදී ඇත.

ලෝක රූ රැජිණ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීන නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස්‌ මහත්මිය මෙම නවක නිරූපණ ශීල්පීන් හා ශිල්පිනියන් පුහුණු කිරීම හා හැඩගැන්වීම සිදුකරන්නීය. ප්‍රවීන ඡායාරූප ශිල්පී ලක්‍ෂ්මන් නඩරාජා මහතා විසින් ඡායාරූපකරණ කටයුතු සිදුකර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.