ලංකා ඔටෝමොබයිල් සංගමය සමගින් සුරක්‌ෂිතව, ආත්මවිශ්වාසයෙන් යුතුව මහමගට පිවිසෙන්න

ශ්‍රී ලංකාවේ රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (The Automobile Association of Ceylon - AA Ceylon)"මෙරට රිය පදවන්නන් උදෙසා අලුත්ම සේවා රැසක්‌ හඳුන්වා දීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

දශක ගණනාවක්‌ තිස්‌සේ ලංකා ඔටෝමොබයිල් සංගමයේ කහ පැහැති AA ලාංඡනය සාඩම්බරයෙන් තම රථවාහනවල ප්‍රදර්ශනය කළ එහි සාමාජිකයෝ එම සංවිධානය වෙතින් ලැබෙන ප්‍රතිලාභ රැසකට හිමිකම් කීහ. විදේශයකදී රථවාහන පැදවීමට අවශ්‍ය ජාත්‍යන්තර රියෑදුරු බලපත්‍රය නිකුත් කිරීමට සහ සිය සාමාජිකයන් වෙනුවෙන් විවිධ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමතරව මේ වනවිට එකම වහලක්‌ යටින් සේවාවන් රැසක්‌ ලබාගත හැකිවන පරිදි තම සේවාව පුළුල් කිරීමට එම සංගමය කටයුතු කර තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා මෙසේ පැවසී ය. "පසුගිය වසර 110 ක්‌ තරම් දිගු කාලයක්‌ පුරා තිස්‌සේ රථවාහන පදවන්නන් නියෝජනය කිරීමට ලංකා ඔටෝමොබයිල් සංගමය කටයුතු කර ඇති බව අපි කියන්නේ ඉතාමත් ආඩම්බරයෙන්. රථවාහන ක්‌ෂේත්‍රයේ නව ප්‍රවණතා සමග ඉදිරියට යාම අපේ ඉලක්‌කයයි. 2009 වසරේ සිට අපේ සාමාජිකයන් වෙනුවෙන් පිරිනමන සේවා රැස තවතවත් පුළුල් කරන්නට අප කටයුතු කළා. අද වනවිට දේශීය හා විදේශීය මට්‌ටමින් සේවාවන් විශාල ප්‍රමාණයක්‌ පිරිනැමීමට අපට හැකිවී තිබෙනවා."

මෙම නව සේවාවන් අතර ප්‍රධානතම සේවාවක්‌ වන්නේ විශේෂයෙන්ම රිය පදවන කාන්තාවන් සඳහා දවසේ පැය 24 පුරා සහ වසරේ දින 365 පුරා මාර්ගයේදී අවශ්‍ය විටක සහය ලබාදීමේ සේවාවයි. රිය පදවන විට ඔවුන්ට අවශ්‍ය වන ආරක්‌ෂාව හා විශ්වාසය පිළිබඳව අවධානය යොමුකළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය මේ වනවිට අත්දැකීම් බහුල වෘත්තිකයන් කණ්‌ඩායමක්‌ද සම්බන්ධ කරගනිමින්, මහාමාර්ගයේදී ටයර් මාරු කිරීමක සිට මූලික මට්‌ටමේ අලුත්වැඩියාවක්‌ දක්‌වා සහය ලබාදීමට පියවර ගෙන තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.