කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට්‌ කාඩ් හිමියන් වෙත
මල්ටිලැක්‌ වෙතින් විස්‌මිත දීමනාවක්‌


ශ්‍රී ලංකාවේ විශාලතම තීන්ත අපනයනකරු වන මල්ටිලැක්‌, ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුවක්‌ වන කොමර්ෂල් බැංකුව සමගින් දිනෙන් දින වර්ධනය වන මල්ටිලැක්‌ පාරිභෝගිකයන් වෙත නවතම දීමනාවක්‌ හඳුන්වා දී තිබේ.

මල්ටිලැක්‌ තීන්ත මිලදී ගැනීමේදී කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට්‌කාඩ් හිමි පාරිභෝගිකයන් හට සියයට 20 ක වට්‌ටමක්‌ ද මාස 12 ක කාලයක්‌ සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේ හැකියාව ද මෙම දීමනාව හරහා ලැබෙනු ඇත. දිවයින පුරා විහිදී සිටින තෝරාගත් මල්ටිලැක්‌ අලෙවි නියෝජිතයන් වෙතින් මෙම විස්‌මිත දීමනාව ලබා ගැනීමේ අවස්‌ථාව පාරිභෝගිකයන් හට උදා වී තිබේ. ඔක්‌තෝබර් මස 15 වැනි දින ඇරඹි මෙම ප්‍රවර්ධන වැඩසටහන 2015 වසරේ ජනවාරි මස 15 වැනිදා දක්‌වා පැවැත්වේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන හේතුවෙන් උත්සව සමයේ නිවාස අලුත්වැඩියා කිරීමේදී ඔබගේ නිවස වඩාත් සොඳුරු ස්‌ථානයක්‌ බවට පත්කර ගැනීම සඳහා මල්ටිලැක්‌ විසින් මෙම දීමනාව හඳුන්වා දී තිබේ.

තීන්ත ක්‌ෂේත්‍රයේ නවෝත්පාදකයකු වන මල්ටිලැක්‌ හි අභිප්‍රාය වන්නේ නව තාක්‍ෂණය ද භාවිත කරමින් තීන්ත ක්‌ෂේත්‍රය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමයි. මේ වන විට සමාගම විසින් විශාල පරාසයක නවෝත්පාදන තීන්ත පිළියම් හඳුන්වා දී තිබේ. ඒවා භාවිතයට පහසු වනවා මෙන්ම වඩා පරිසර හිතකාමී තීන්ත ද වේ. මල්ටිලැක්‌ හි නවෝත්පාදන තීන්ත පිළියම් ලෙසින් Supreme Life, Decorative, Wood Care, Automotive, Ancillaries, Surface Coatings, Water Proofing Sealer ඇතුළුව නවතම මල්ටිලැක්‌ Platinum එකතුවද හඳුන්වාදී තිබේ. මෙම මල්ටිලැක්‌ Platinum එකතුවට අභ්‍යන්තර ආලේපන සඳහා අලංකාර තීන්ත පරාසයක්‌ ද එක්‌ කර ඇති අතර ඔබගේ බිත්ති සුවිශේෂී වූ මෝස්‌තරයන්ට අනුව අලංකාර කිsරීමේ හැකියාව ද උදාවේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.