රත්තරන් බඩු!

රුපියල් ලක්‍ෂ දෙකට නොවැඩි මුදලකට ආණ්‌ඩුවේ බැංකුවල උකස්‌ තබන ලද රන් බඩුවල පොලිය කපා හැරීමට අතුරු අය වැය මගින් ගන්නා ලද තීරණය සහරා කාන්තාරය මැද විලක්‌ තැනීම හා සමාන ය. රත්තරන් යනු ආරක්‍ෂාදායක ලෙස තැන්පත් කර තැබිය යුතු වටිනා දෙයකි. ඒවා අතේ, කනේ, කරේ නොව බැංකු සේප්පුවල තැබිය හැකි නම් ඉතා යහපත් ය. ඒ ආරක්‍ෂක විධි විධාන අනුව යමින් මේ රටේ කාන්තාවන් වැඩි පිරිසකගේ රත්තරන් බඩුවලින් වැඩි හරියක්‌ ඇත්තේ උකස්‌ බඩු සාප්පු සහ බැංකුවල තිබෙන යකඩ සේප්පුවල ය. වරක්‌වත් රත්තරන් බඩුවක්‌ උකස්‌ නො තැබූ කාන්තාවන් කී දෙනෙක්‌ මේ රටෙහි වෙත්ද? සිටිත් නම් ඒ ඉතා අල්ප වූ පිරිසක්‌ විය යුතු ය. මේ රටේ පහළම පන්තියේ කාන්තාවන් සතුව ඇති රන් ආභරණවල වටිනාකම රුපියල් පනස්‌ දහසට අඩු ය. ඒ පන්තියට ටිකක්‌ උඩහින් සිටින අය අත ලක්‍ෂයක බඩු තිබේ. මධ්‍යම පාන්තික කාන්තාවන් අත රුපියල් ලක්‍ෂ 2 - 5 ත් අතර භාණ්‌ඩ ඇත. මේ අනුව රජයේ නව සහනශීලී ප්‍රතිපත්තිය නිසා මධ්‍යම පන්තියට සහ එයින් පහළ පන්තියට ආවරණයක්‌ ලැබෙන්නේ ය. ඔබ දත යුතු තවත් වැදගත් කාරණයක්‌ තිබේ. මධ්‍යම පන්තියෙන් ඉහළ සමාජ කොටස්‌වල සිටින කාන්තාවන් අතුරින් රන් බඩු උකස්‌ තබන පිරිස ඉතා අල්ප ය. මේ පන්ති ස්‌ථරයෙහි සිටින පිරිමින් ය, වැඩි වශයෙන් රන් බඩු උකස්‌ තබන්නේ.

උකස්‌ ව්‍යාපාරය වූ කලී වසර 2000 කටත් වැඩි ඉතිහාසයක්‌ ඇති කර්මාන්තයකි. තම කඩුව උකස්‌ තබා දාදු කෙළියෙහි යෙදුණු ජර්මන් සොල්දාදුවකු ආයුධ අන් සතු කිරීමේ වරදට කැබලි කර මරා දැමූ කතාවක්‌ රෝම ඉතිහාස කතාවක එයි. රත්තරන් හා මුදල් මේ රටේ ආර්ථිකයෙහි කොටස්‌කරුවන් වූ දවසේ සිට අපේ ජනයා බඩු උකස්‌ තැබූහ. මේ රටේ මිනිසුන් නීත්‍යනුකූල ලෙස මුදල් පොලිsයට ගැනීම පටන් ගන්නේ එක්‌දහස්‌ අටසිය ගණන්වලදී, හෙට්‌ටි මිනිසුන් ගෙනි. එසේ මුදල් දීම සඳහා හෙට්‌ටි මිනිස්‌සු රිදී හවඩි. රන් මාල, රන් කරාබු යනාදිය ඇප වශයෙන් තබා ගත්හ. අද වන විට බඩු උකස්‌ තැබීම ඉතාම සාමාන්‍ය කර්මාන්තයක්‌ බවට පත්ව තිබෙන අතර, සෑම හන්දියකම අවම වශයෙන් උකස්‌ බඩු කඩ දෙකක්‌ වත් තිබේ. ඒ හන්දියේ බැංකු තුනක්‌ තිබුණොත් උකස්‌ ගන්නා ස්‌ථාන ප්‍රමාණය පහක්‌ බවට පත්වෙයි. අද වන විට උකස්‌ කර්මාන්තය කොතරම් තරගකාරී ද යත්, සමහර උකස්‌ බඩු කඩ, උකස්‌ තබන බඩුවල ප්‍රමාණයට අනුව, උකස්‌ තබන්නාට විවිධ තෑගි ද ලබා දෙන්නේය.

මෙහිදී අප සැළකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක්‌ තිබේ. එනම් බැංකු හා සමාන ප්‍රමාණයක්‌, එහෙමත් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක්‌ උකස්‌ බඩු කඩ සංඛ්‍යාවක්‌ මේ රටේ තිබෙන බව ය. මේ කඩවල බඩු උකස්‌ තබන අය ලක්‍ෂ දෙකේ ණයට යටත් වන්නේ නැත. ආණ්‌ඩුවක්‌ නිතරම කටයුතු කළ යුත්තේ නීත්‍යනුකූල සහ විධිමත් ක්‍රියා පටිපාටියකට අනුව නිසා පෞද්ගලික අංශයේ උකස්‌ බඩු කඩවල පොලී නීත්‍යානුකූලව කප්පාදු කිරීමට නො හැක. එසේ නම් උකස්‌ බඩු කඩ හිමියන් කළ යුත්තේ සිය හෘද සාක්‍ෂිය සමඟÊකතා කර හදවත තරමක්‌ ලිහිල් කර ලක්‍ෂ දෙකේ සීමාව දක්‌වා කිසියම් සහනයක්‌ හෝ අඩු පොලිsයක්‌ සිය ගනුදෙනුකරුවන්ට ලබා දීම ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.