2016 පෙබරවාරි 01 සඳුදා

 

 
 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

සී එස්‌ එන් මූල්‍ය වංචා හා නීත්‍යනුකූල නොවන ක්‍රියා සම්බන්ධයෙන්
යෝෂිත ඇතුළු 5ක්‌ රිමාන්ඩ
රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කිරීම සහ හෙළි කළ නොහැකි මුදල් යොදවා සී. එස්‌. එන්. රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යැමේ චෝදනාව මත පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් පස්‌දෙනා ලබන 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා පෙරේදා (30 වැනිදා) නියෝග කළේය.

ජිනීවා කොමිසමෙන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වී නෑ
- ජනපති අල්ජසීරාවට කියයි

ජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මෙරටට යුද අපරාධ චෝදනා එල්ල වී නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අල්ජසීරා රූපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදීන්ට බැණවැදීම අගමැති මාධ්‍යයට කළ අනිසි බලපෑමක්‌
- විජිත හේරත්

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට බැණවදිමින් පාවිච්චි කළ සමහර වචන කිසිසේත් අගමැතිවරයකුට නොගැලපෙන බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (31 දා) "දිවයින" ට ප්‍රකාශ කළේය.

'සීකා' අපට තර්ජනය කර නෑ
වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන

"සීකා" වෛරසය ශ්‍රී ලංකාවට තර්ජනයක්‌ වී නැති බවත් එවැනි රෝගීන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක්‌ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ තිබෙන බවත් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

ජාති භේද නැතිව පෙත්සමට අත්සනක්‌..
අත්අඩංගුවටගත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස්‌ කරන මෙන් ඉල්ලා පෙත්සමක්‌ අත්සන් කිරීම පෙරේදා (30දා) මහනුවරදී ඇරඹිණි. එහිදී මුස්‌ලිම් කාන්තාවක්‌ එම පෙත්සමට අත්සන් තබන අයුරු මෙලෙස ඡායාරූපයට ලක්‌විය.
සිරිල් විමලසුරේන්ද්‍ර

ඖෂධ නියාමන අධිකාරියේ ලොක්‌කෝ ඉවතට
ඖෂධ ලියාපදිංචිය පමා කිරීමෙන් රට පුරා ඖෂධ හිඟයක්‌ ඇතිවීම, නව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පමාකිරීම යන හේතූන් නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් එම තනතුරුවලින් ඉවත්කර ඇත.

යෝෂිත රාජපක්‍ෂ මහතා බන්ධනාගාර බස්‌ රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය ආකාරය.
ඡායාරූපය නිශාන් එස්‌. ප්‍රියන්ත

මාධ්‍යයට තර්ජනය කිරීමෙන් අගමැතිට දිනාගත හැකි දෙයක්‌ නෑ
නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්‌

අවිචාරයේ මාධ්‍යයට තර්ජනය කිරීමෙන් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිනාගත හැකි දෙයක්‌ නොමැති බව නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය කියයි.

ථෙරවාදී භික්‍ෂු කතිකාවත් පනත සංඝ සමාජයටත් බෙහෙවින් හිතකර වේවි
- දවුල්දෙන ඤාණිස්‌සර මහනාහි
මි

බුද්ධශාසන කාර්යසාධන මණ්‌ඩලයෙන් ඉදිරිපත් කර ඇති වැදගත් සංශෝධන ඇතුළත් කොට ථෙරවාදී භික්‌ෂු කතිකාවත් පනත සම්මත කිරීම සම්බුද්ධ ශාසනයටත් සංඝ සමාජයටත් බෙහෙවින් හිතකරවනු ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඤාණිස්‌සර නාහිමියෝ නිවේදනය කර සිටිති.

උපාලි විජයවර්ධන සමරු පිංකම් රට පුරා

උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 32 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 වැනි දිනට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන් සේවක සේවිකාවන් හා ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණසමරු උත්සව සහ පිංකම් රැසක්‌ සංවිධානය කර තිබේ.

පසුගිය රජය සමයේ සිදුවූ අක්‍රමිකතා ගැන දිගටම පරීක්‍ෂණ පවත්වනවා
ඇමැති සාගල රත්නායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණ ස්‌වාධීන අන්දමින් තවදුරටත් කරගෙන යන බව නීතිය සහ සාමය පිළිබඳව ඇමැති සාගල රත්නායක මහතා "දිවයින"ට ඊයේ (31 දා) පැවැසීය.


 
  • ඖෂධ මිල ඉහළ ගියේ ඇයි?

    දේශීය වෙළෙඳපොළෙහි පවතින බොහෝ ප්‍රතිජීවක බෙහෙත් වර්ගවල මිල ගණන් ගතවූ මාස හයක කාලය තුළදී සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස්‌ ඇති බවට පසුගියදා වාර්තා විය. අහස උසට වැඩි වෙමින් පවතින මෙම බෙහෙත් මිල ගණන් ඉහළ යාම නිසා දැඩි සේ පීඩාවට පත්ව සිටිනුයේ ආර්ථික අඟහිකම්වලින් පෙළෙන රෝගීන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

  


 
  • පාපැදි සම්මේලනයෙන් පැනවූ
    තහනමට එරෙහිව අධිකරණයෙන් වාරණයක්‌


    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තමන්ට එරෙහිව පනවනු ලැබූ තහනම අභියෝගයට ලක්‌කරමින් අශෝක්‌ කුමාර්, ලෙස්‌ලි රූපසිංහ සහ සුදේශ් ද සිල්වා යන තිදෙනා විසින් නුගේගොඩ දිසා අධිකරණයේ ගොනු කළ නඩුව විභාගයට ගනිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අදාළ තීරණයට එරෙහිව වාරණ නියෝගයක්‌ පැනවීමට දිසා විනිසුරු මාපා බණ්‌ඩාර මහතා නියෝග කර තිබේ.

  

Kapruka Shopping |  News





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.