සුප්‍රීම්සැට්‌ ආයතනය රුපියල් බිලියනයක බද්ද
පිළිබඳව ප්‍රසාදය පළ කරති


ශ්‍රී ලංකාවට අයත් අභ්‍යාවකාශ කක්‌ෂගත අවකාශය පරිහරණය කිරීම උදෙසා නව රජය පනවන ලද රුපියල් බිලියනයක අයබද්ද පිළිබඳව අපගේ පූර්ණ අවධානය යොමුව ඇත. මෙම පියවර ඉතාම ප්‍රශංසනීයය, ජාතික ආර්ථිකයට ආදායම් දායකත්වයක්‌ දැක්‌විය හැකි ක්‍ෂේත්‍රයක්‌ ලෙසට අභ්‍යවකාශ කර්මාන්තය හඳුනාගැනීම ගැන අපගේ ස්‌තුතිය නව රජය වෙත පුද කර සිටින්නෙමු" සුප්‍රීම්සැට්‌ සභාපති ආර්. එම්. මනිවන්නන් මහතා පැවසුවේය.

"ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ආර්ථිකයෙහි දැවැන්ත ආයෝජනයක්‌ කිරීම සඳහා ඉදිරිපත් නිර්භීත පියවරක්‌ තැබූ එකම පෞද්ගලික සමාගම සුප්‍රීම්සැට්‌ සමාගමයි. අන් අය ජාතික සම්පත් හෝ මහජන මුදල් සමඟ සෙල්ලම් කරමින් සිටියදී හෝ බලා සිටීමේ ස්‌ථාවරයන් අනුගමනය කරද්දී අප යථාවාදී තථාකාරී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන ලදී.

"අපගේ චන්ද්‍රිකා වැඩසටහන විශිෂ්ට සාර්ථකත්වයක්‌ අත්කරගත් අතර අද අප කලාපීය වශයෙන් ශක්‌තිමත් අභ්‍යවකාශ සමාගමක්‌ බවට පත්ව සිටින්නෙමු."

"ශ්‍රී ලංකාව නව යුගයකට ගෙන යැමේ නව කර්මාන්තයක්‌ නිර්මාණය කිරීමෙහිලා මම මාගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන ගණනක්‌ ආයෝජනය කරන ලද අතර නොකළ හැක්‌කක්‌ ලෙස සැවොම සිතූ දෙයක්‌ කළ හැක්‌කක්‌ බවට පත් කළෙමි."

"මහජනතාව සුප්‍රීම්සැට්‌ ආයතනය පිළිබඳව පූර්ණ අවබෝධයකට පැමිණීම සඳහා යම් කාලයක්‌ ගනු ඇති බව අපට වටහා ගත හැක."

"ඇතැම් විට යමෙක්‌ මෙය "රොබින් හුඩ්" සංකල්පයෙන් ක්‍රියාත්මක කරන ලද අයවැයක්‌ ලෙස සළකන්නටද පුළුවන. නමුත් අප දකින්නේ මෙය නිවැරදි දිශානතියට තබන ලද හොඳ පියවරක්‌ ලෙසය. දේශීය නියාමකයන් මගින් අපගෙන් ඒ සඳහා අයවිය යුතු බදු මුදල අයකරගෙන අප වෙත "ශ්‍රී ලංකාවට අයත් අභ්‍යකාශ අවකාශය" ලබාදීම සඳහා ක්‍ෂණික සහ විනිවිද භාවයෙන් යුතු ක්‍රියාපටිපාටියක්‌ යුහුසුළුව අනුගමනය කරනු ඇතැයි ප්‍රාර්ථනා කරන්නෙමු."

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.