රට කොතැනටද?

යුද්ධය ඉවරයි. එහෙනම් සාමය තිබිය යුතු ය. ඡන්දය ඉවරයි. එහෙනම් දේශපාලන කලබැගෑනි ඉවර විය යුතු ය.

පශ්චාත් යුද සාමය ඇති වූ බවක්‌ පෙනෙන්නට ඇති නමුදු පශ්චාත් ඡන්ද සාමය තවමත් හටගෙන නැත. රට දේශපාලන කලබැගෑනිවලින් තොර වෙන තත්ත්වයක්‌ හටගෙන තිබේ. ජෝන් අමරතුංගගේ විශ්වාසභංගය ආවොත් ආණ්‌ඩුව විසුරුවයිද? එහෙම වුණොත් යළිත් පූර්ව මැතිවරණ සමයක්‌ උදා වී එදිනෙදා ජීවිතය වාතයක්‌ බවට පත්වෙයිද? පසුගිය ඡන්ද ව්‍යාපාරයේදී දේශපාලනඥයන්ගේ කුණු කටවල්වලින් අසන්නට ලැබුණු අසූචි ගඳ ගහන කතා, මඩ කතා, අරයාගේ ගෑනි මෙයා එක්‌කත් මෙයාගෙ ගෑනි අරයා එක්‌කත් නිදා ගැනීම පිළිබඳ පාපී කතා, දූෂණ වංචා පිළිබඳ අතොරක්‌ නැති කතා ඒ කටවල්වලින් ම ඒ විදියටම පිටවෙනු අප යළි අහගෙන ඉන්නේ කොහොමද? ගිය ඡන්දයේදී සිදු වූ පරිදිම පාක්‍ෂිකයන් ගුටි කෙළ ගන්නා විට යළි ඒ දිහා බලා ඉන්නේ කොහොමද? ඡන්දයෙන් පසු දූෂණ µයිල් කර ගසා ගත් මැති ඇමැතිවරුන් ද, මැති ඇමැතිවරුන් නොවන පාට්‌ ටයිම් දේශපාලන කාරයන්ද, වෙනත් හොරුන් සහ හාල්පාරුවන් ද අල්ලස්‌ කොමිසම ඉස්‌සරහට ගොස්‌ චාටර් වන හැටි අප රූපවාහිනියෙන් යළි බලා ඉන්නේ කොහොමද?

ඉතිහාසය යනු පුනරුච්ඡාරණය වන්නකි. ප්‍රසිද්ධ කියමනකට අනුව පළමු කොට එය ෙ€දවාචකයක්‌ ලෙස පුනරුච්ඡාරණය වෙයි. දෙවනුව වංචාකාරී ප්‍රහසනයක්‌ ලෙස පුනරුච්ඡාරණය වෙයි. මේ ප්‍රසිද්ධ කියමන කාල් මාක්‌ස්‌ගේ ය. මාක්‌ස්‌ සමඟ එකට ඉස්‌කොලේ ගිය අය ලෙස පෙනී සිටින දේශපාලනඥයන් අදටත් සිටින නමුදු ඔහු මෙය කී බව දන්නෝ විරලය හ. මෙවර මේ රටේ ඉතිහාසය පුනරුච්ඡාරණය වී ඇත්තේ වංචනික ප්‍රහසනයක්‌ ලෙස ය. තව මාස කිහිපයකට පසු එන ඡන්දයකින් පසු එය ෙ€දාන්තයක්‌ ලෙස පුනරුච්ඡාරණය වුණොත් අපට හැම දෙයක්‌ම එපා වන්නේ ය.

යුද්ධය ඉවර වුවත් සාමය පැතිර ගියත් අමනාපය එහෙමම ය. උතුර සමඟ දකුණ තවමත් තරහ ය. ඒ විරසකය නැතැයි අප සිතුවත් "දෙමළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඕනෑ" යෑයි උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර ගැනීමත් සමඟම (ඊයේ 'දිවයින' පළමුවන පිටුවේ මේ බව වාර්තා විය.) ඒ විරසකය එසේම පවතින බව අපට පෙනී ගොස්‌ තිබේ. විරසකයක්‌ නැතිනම් එවැනි විරසකයක්‌ ඇති කිරීමේ අවශ්‍යතාවක්‌ ඇති පිරිස්‌ සිටින බව අපට වැටහේ. දකුණේදී එල්.ටී.ටී.ඊ. ය විසින් කළ සිංහල ජන ඝාතන පරීක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඕනෑ බව කිසිදු සිංහලයෙක්‌ කියා නැත. එසේ කිව්වත් ''රටට ලෙඩ නොදමා කට වහගෙන හිටපන්" යෑයි කියමින් අනෙක්‌ සිංහලයන් ඔහු මැඬ පවත්වනු විනා වෙනත් යමක්‌ සිදුÊවන්නේ නැත. උතුරේ විග්නේෂ්වරන්ලා හිතන්නේ සිංහලයන් ගෙන් පළිගත යුතු බව ද? ත්‍රස්‌තවාදය නැති කළාට දඬුවම ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ විය යුතු බව ද?

මෙසේ බලන විට යුද්ධය නිම වීමෙන් පසුව හටගෙන තිබෙන මේ සාමය ඇත්තම සාමයක්‌ ද යන්න හිතා බැලීමට අප උත්සාහ කළ යුතු නොවේ ද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.