2015 පෙබරවාරි 12 බ්‍රහස්‌පතින්දා

 
 

    
   Divaina Editor
    contact webmaster
   

විග්නේෂ්වරන් අන්තවාදියකු ලෙස කටයුතු කිරීම හෙළා දකිනවා
ඇමැති රාජිත සේනාරත්න

රජය දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරම් මහතා අන්තවාදියකු ලෙස කටයුතු කිරීම දැඩිව හෙළා දකින්නේ යෑයි රජයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය.

රගර් ක්‍රීඩක තජවුඩීන් ඝාතනය ගැන පොලිස්‌ විමර්ශන යළි මුල සිට
ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර 2 2/1 කට උඩදී අභිරහස්‌ අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර ඇත.

යුද අපරාධ පරීක්‍ෂණයට
ඉන්දියාව එකඟ නෑ
ශ්‍රී ‍ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණයකට ඉන්දියාව එකඟ නොවන බව එරට මාධ්‍ය ප්‍රකාශ කරයි.

දෙවැනි දිනටත් දුමින්දගෙන් ප්‍රශ්න කරයි

්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11 වැනිදා) දෙවැනි දිනටත් ප්‍රශ්න කළේය.

උපාලි විජයවර්ධන
32 වැනි සමරුව හෙට
උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 32 වැනි ගුණ සැමරුම හෙටට (පෙබරවාරි 13 වැනි දිනට) යෙදී ඇත.

තිස්‌සට ඇප

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර රහස්‌ ගිවිසුමක්‌ ඇති බවට ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ පෞද්ගලික ඇප දෙකක්‌ මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

සරණටත් ඇප

සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිවරයාව සිටියදී සිදුකළ වංචා 107 ක්‌ සම්බන්ධයෙන් පවරා ඇති නඩු තුනකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට රුපියල් හයසිය එක්‌ලක්‍ෂ පනස්‌දහසක ඇපයකට යටත්කොට මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

නම කැත කරගත්
10දෙනකුට නාමයෝජනා නෑ
පසුගිය රජය සමයේ නම කැත කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් දස දෙනකුට පමණ මීළඟ මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්‌ථාව අහිමි වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.

  • මොහාන් ඉවත් කිරීමට මූලික වූ
    නීතිඥ පිරිසක්‌ හදිසියේ ඇමරිකා ගිහින් !

    හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ධුරයෙන් ඉවත් කිරීමට මූලික වී කටයුතු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක්‌ හදිසියේම දෙසතියක ඇමරිකානු සංචාරයක්‌ සඳහා පිටත්ව ගොස්‌ ඇතැයි මෙරට නීතිඥ ප්‍රජාව සඳහන් කරති.මෙම සංචාරය සඳහා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහභාගි වී නැති අතර එහි තනතුරු දරන්නන් කිහිප දෙනකු සමග ක්‍රියාකාරීන් දොළොස...
     
  • රු.ලක්‍ෂ 8 ක්‌ වන්දි ගෙවීමට
    හිටපු ඇමැති අතාවුද එකඟ වේ

    වරකාපොල පොලිස්‌ වසමේ කොහොඹදෙණිය ප්‍රදේශයේ පෞද්ගලික නිවසක පවත්වාගෙන ගිය ජල ව්‍යාපෘතියකට ඇතුළු වී එහි තිබූ භාණ්‌ඩවලට අලාභ සිදුකිරීම සම්බන්ධව චෝදනා ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා ඇතුළු චූදිතයන් 18 දෙනකුට එරෙහිව වරකාපොල දිසා අධිකරණයේ ගොනුකර තිබූ නඩුවේදී පැමිණිලිකරුට රුපියල් ලක්‍ෂ 8 ක වන්දි මුදලක්‌...
 
  • දෙමාපියන් ප්‍රේමයට විරුද්ධ වීම නිසා
    පාසල් සිසුවිය සහ සිසුවා
    දැදුරු ඔය ජලාශයට පනිති

    සිරුරු සොයා පොලිසිය පුළුල් පරීක්‍ෂණ
    වාරියපොළත් මහවත් අතර පිහිටි අලුතින් ඉදිකළ දැදුරුඔය ජලාශයට පැන්න බව කියන 11 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක හා ශිෂ්‍යයකුගේ සිරුරු සොයා පොලිසිය ඊයේ (11 දා) පරීක්‍ෂණ කටයුතු දියත් කරනු ලැබීය.ප්‍රේම සබඳතාවකට විරුද්ධවීම නිසා තමන් ජලාශයට පනින බවට දුරකථනය මගින් තම නිවෙස්‌වලට ඔවුන් දන්වා තිබෙන බව පොලිසිය කියයි.

 

  • මෝදි රැල්ල පරදවා
    නවදිල්ලියට සුනාමියක්‌ පැමිණීම

    2014 මැයි මස නරේන්ද්‍ර මෝදි බලයට පත්විය. එහෙත් මෝදිගේ පාලනයට බරපතලම පහර එල්ල කරමින් ආම් ආද්මි පක්‍ෂයේ නායක අරවින්ද් කෙඡ්රි වාල් නවදිල්ලි මැතිවරණයෙන් බලයට පත් විය."මම වැටුණෙමි. එහෙත් නැඟිට්‌ටෙමි යෑයි කෙඡ්රිවාල් තම ආධාරකරුවන්ව අමතා කීවේය. ඉන්දියාවේ ජනප්‍රියතම අගමැති ලෙස කටයුතු කළ මෝදිගේ ජනප්‍රියතාවය මෙතරම් ඉක්‌මනට...

  

  • පෙරැළිකාර පුහුණුවකින්
    ශ්‍රී ලංකාව පරදා සිම්බාබ්වේට ජය

    හැමිල්ටන් මස්‌කඩ්සාගේ පිති ප්‍රහාරය නවතාලීමට අසමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි පුහුණු තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 7ක අනපේක්‍ෂිත පරාජයක්‌ ඊයේ (11 දා) ලැබීය.ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකාව ලද දෙවැනි පරාජය මෙය වන අතර පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය.

  

Kapruka Shopping |  News





 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.