2015 පෙබරවාරි 20 සිකුරාදා

 

    
   
   Divaina Editor
   Webmaster
   

'නේවි' 9 අල්ලන්න සීඅයිඩීය දැල එළයි
කප්පම් ගන්න 28 දෙනකු
ඝාතන කරලා

රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

අසාද් සාලිගේ අසමගිය වපුරන වැඩ නතර කරවන්න
- ගලගොඩඅත්තේ ඥනසාර හිමි

අසාද් සාලි මහතාට මෙම රට කුමක්‌ද? මෙම පරිසරය කුමක්‌ද මෙහි මිනිසුන්ගේ හැඟීම් දැනීම් කුමක්‌ද යන්න අමතකවී ඇති බවත් පැවසූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තමන් වහන්සේලාව සටනට නොකැඳ වන්නැයි ඒ මහතාගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂක තීරණය කිරීමට වීරවංශ ලාට අයිතියක්‌ නෑ
- ශ්‍රීලනිප භාණ්‌ඩාගාරික
එස්‌. බී. නාවින්න කියයි

අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන්න පුළුවන් දක්‍ෂ 'ජනප්‍රිය' ජ්‍යෙෂ්ඨ දේශපාලන ඥයන් රැසක්‌ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කළ විට අපි අපේ අගමැති අපේක්‍ෂකයා රටට හෙළි කරනවා.


අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවක්‌ ඊයේ

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවක්‌ ඊයේ (19 වැනිදා) සවස එම කොමිසමේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අල්ලස්‌ කොමිසමේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ඩිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය පිළිතුරු දුන් අයුරු ඡායාරූපයේ දැක්‌වේ. අල්ලස්‌ කොමිසමේ නිලධාරීහු ද මෙහි වෙති. ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

ඖෂධ පනත
ව්‍යවස්‌ථාවට අනුකූලයි

- ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධන පනත් කෙටුම්පතට එකතු කිරීමට යටත්ව එම පනත් කෙටුම්පතේ විධිවිධාන කිසිවක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවට 123 ව්‍යවස්‌ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි.

ගයන්ත ඇමැති
ආප්ප එපා කියයි....


ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ආප්ප ලබාදීමට කාන්තාවක්‌ උත්සාහ කළ අයුරු සහ ඒ අවස්‌ථාවේ ඔහු "අපෝ මට නම් ආප්ප කන්න බයයි" පවසමින් එය ප්‍රතික්‌ෂේප කළ අයුරු..

කහඳගමට උපරිම
දඬුවම් දෙන්න

සිංහල, දෙමළ, මුස්‌ලිම් මිතුදම බිඳින්න ඉඩ දෙන්න එපා...

"රුපියල් කෝටි 500 කට අධික මුදලක්‌ වංචනිකව පරිහරණය කරමින් විසිදහසක්‌ පමණ වන සාමාජිකයන් රවට්‌ටපු ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ හිටපු සභාපති මහින්ද කහඳගමගේටත්,...

වෙලේ සුදාට එරෙහි නඩුව මාර්තු 23 දාට කැඳවයි


ගම්පොල විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ඊයේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි පිටතට කැඳවාගෙන ගිය අයුරු. පිංතූරය - නිමල් දයාරත්න

හෙරොයින් ජාවාරමින් රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමින් යුත් දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකර ුවන්ට එරෙහි නඩුව ලබන මාර්තු මස 23 දා විභාගයට.......


මිනිසකුට සුනඛ එන්නතක්‌ දීලා!

සුනඛයකු විසින් සපාකෑ අසූ හැවිරිදි පුද්ගලයකුට ජලභීතිකා රෝගය වැළැක්‌වීමට එන්නත් කරනු ලබන එන්නත වෙනුවට සුනඛයින්ට ජල භීතිකා රෝගය වැළැක්‌වීමට විදිනු ලබන එන්නතක්‌ නිකුත් කළ කළුතර නගරයේ ෆාමසියක...

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිsරිසේන මහතා සිය බිරිඳ ජයන්ති පුෂ්පකුමාරි මහත්මිය සමග ඉන්දියාවේ තිරුපති ප්‍රදේශයේ තිරුමාලාහි පිහිටි සුප්‍රකට වෙන්කටේශ්වරන් කෝවිලේ දේව පූජාවකට සහභාගී වූ ආකාරය.
ඡායාරූපය - පී.ටී.අයි.

අරලියගහ මැදුරේ 'සරසවි කෑම බිල' යූජීසියට එවලා

පසුගිය ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ නියෝජිත හමුවේ රාත්‍රී ආහාරය සඳහා පමණක්‌ රුපියල් දාහත්ලක්‍ෂයකට....

ඉකුත් රජයේ දූෂණ සෙවීමේ ක්‍රියාමාර්ග ගැන සෑහීමක්‌ නෑ
- ඇමැති අර්ජුන රණතුංග

වරාය සහ ගුවන් තොටුපළ ආශ්‍රිතව මහා පරිමාණ දූෂණ, වංචා රැසක්‌ සිදුවී ඇති බව මේ වන විට සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවත් ....

රාජ්‍ය සේවකයෝ අතරමං වෙලා

වත්මන් රජය යටතේ සිදු කළ යුතු ක්‍රියාදාමයන් කිසිවක්‌ මේ දක්‌වා රාජ්‍ය සේවයට නියම නොකිරීමේ හේතුවෙන් රාජ්‍ය සේවයේ නියුතු බොහොමයක්‌ දෙනා නිකරුනේ කාලය ගෙවමින් සිටින බව රාජ්‍ය සේවක ආරංචි මාර්ග පවසයි.

කේ.පී. ට පැනවූ තහනම 26 දා තෙක්‌ දීර්ඝ කරයි

කේ. පී. අත්අඩංගුවට ගෙන ඔහු කර තිබෙන වැරදි ගැන විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසට බලකරමින් පොලිස්‌පතිට.....
  • ජාතික ප්‍රතිපත්තියක්‌ නැතිව සිනමාව
    මේ යන්නේ අර්බුදයක්‌ වෙතයි

    - ප්‍රවීණ නළු සනත් ගුණතිලක

    චිත්‍රපටය තිරගතවීම පිළිබඳ තිබූ සංස්‌ථා පටිපාටිය නැවතුණු පසුව ඒ කියන්නේ පෞද්ගලික අංශය බෙදාහැරීම, පටන්ගත් පසු නිශ්චිත ක්‍රමයක්‌ අනුගමනය වූයේ නෑ. ඒ ගැන කතා කරනවා නම් වෙනම මාතෘකාවක්‌ මත කතා කළ යුතුයි. චිත්‍රපට පෙන්වලා පාඩු විඳින්න අපි කැමති නෑ... අපට පුළුවන්කමකුත් නෑ කියලා සිනමා ශාලා හිමියන් ප්‍රදර්ශන මණ්‌ඩල කියන කතාව අපට බැහැර කරන්න බෑ.

  • ජනතා අපේක්‍ෂා සිඳ-බිඳ නොදැමීම

    රටේ ආර්ථික වර්ධනයක්‌ ඇතිවීමට සමාජ පෙරළියකට යාමට නම් දක්‌ෂයන්ගෙන් නිසි ඵල නෙළාගත යුතුය. පසුගිය සමයේ සිදුවූයේ දක්‌ෂයන් කොන්කොට අදක්‍ෂයන් එයට යොදා ගැනීමය. ඒ හේතුව නිසයි රාජ්‍යායතන සියල්ලම අවරට ගියේ. රාජ්‍යායතන පමණක්‌ නොව හැම ක්‍ෂේත්‍රයක්‌ම දුර්වල තත්ත්වයට පත්විය. මේ ගැනත් දූරදර්ශී ආකාරයෙන් සිතා බැලිය යුතුය.

  • සභාපති සටනට අවසරය ලැබේ යෑයි තිලංග විශ්වාසයෙන්

    ක්‍රිකට්‌ පරිපාලනයට පැමිණ සිටින ඇතැම් අදූරදර්ශී පාලකයන් ගෙන තිබෙන වැරදි තීරණ තීන්දු නිසා අගතියට පත්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ගොඩ ගැනීම අභියෝගයක්‌ බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, එය යළි නගා සිටුවීමට අවශ්‍ය සැලසුම තමා සතු බව සඳහන් කරයි.


 

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.