2015 මාර්තු 11 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

පොලිස්‌පතිටත් නොදන්වා පොලිස්‌ පුටු වෙනසක්‌

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හෝ පොලිස්‌පතිවරයාගේ අනුදැනුමකින් තොරව ලොකු පුටුවල වෙනසක්‌ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 300 කට ආසන්න පිරිසකගේ මාරුවීම් ලැයිස්‌තුවක්‌ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස්‌ කර ඇත.


මහින්ද ඉල්ලීමක්‌ කළොත් අවස්‌ථාව දෙනවා - ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා

මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂක ධුරය අවශ්‍ය නම් ඒ ගැනද සලකා බලා තීරණවලට එළඹීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සූදානම් බව හෙතෙම කීය.


කැටගොඩ ශ්‍රීලනිපයට

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ද හෙතෙම කීය.


ලක්‍ෂ 50 කට බැංකුවේ තැබූ මැණික්‌ තිරිවානා වෙලා!

රුපියල් මිලියන හතක්‌ (ලක්‍ෂ 70 ක්‌) වටිනා බවට සුරැකුම් වශයෙන් ලංකා පුත්‍ර බැංකුවේ තැබූ මැණික්‌ ගල් තොගයක්‌ පරීක්‍ෂා කිරීමේදී ඒවා තිරිවානා ගල් වැනි නොවටිනා ගල් බවට හෙළි වී ඇතැයි එම බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඊයේ (10 දා) හෙළි කළේය.

මැතිවරණ ක්‍රමය සංශෝ ධනයට මාස 3ක්‌වත් ඕනෑ

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවම වශයෙන් මාස තුනක්‌වත් ගතවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනෙකුත් පක්‌ෂ නියෝජිතයින්ට ඊයේ (10 දා) දැනුම් දී තිබේ.


රවීගේ විනිමය නඩුව
17 තෙක්‌ කල්යයි

විනිමය පාලන නීති උල්ලංඝනය කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක්‌ මෙරටට රැගෙන ආ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව...


කොටි හිතවාදීහු ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්‌

පොදු රාජ්‍ය මණ්‌ඩලීය දින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා රැගත් වාහන පෙළ ගමන්ගත් මාර්ගයේ සිට මොවුන් උද්ඝෝෂණය කර තිබේ.

මගීන්ට බස්‌රථවල සිදුවන
අපහසුතා හේතුවෙන්
බස්‌ රථවලට
සී. සී. ටී. වී. කැමරා

බස්‌රථවල ගමන් බිමන් යන මගීන්ට බස්‌රථවල සිදුවන අපහසුතා හා ගැටලු දිනෙන් දිනම වර්ධනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

දාහතර හැවිරිදි දැරිය ගැබිනියක්‌ කළ පාසල් සිසුවා අත්අඩංගුවට

දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දාහතර හැවිරිදි ශිෂ්‍යාවක්‌ ගැබිනියක්‌ වීම සම්බන්ධයෙන් එම පාසලේම එකොළොස්‌වැනි වසරේ ඉගෙනුම ලබන පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


දකුණු මුහුදු තීරයේ පොකිරිස්‌සන් ශීඝ්‍රයෙන් වඳවී යැමේ තර්ජනයක්‌

බිත්තර දමන පොකිරිස්‌සන් ඇල්ලීම මෙන්ම පොකිරිස්‌සන් ඇල්ලීම තහනම් කාලයේ නොවැඩුණු පොකිරිස්‌සන් අල්ලා කූඩුකර තැබීම නිසා මෙම මත්ස්‍යයා වඳවී යැමේ තර්ජනයකට ලක්‌ව ඇති බව....

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එජනිස අපේක්‌ෂකයකු වෙනවා
- වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර

වයඹ පළාත් සභාවේ විපක්‍ෂ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ගැන කලකිරීමක්‌ ඇතිවෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරමින් අපේක්‌ෂකයකු ලෙස ඉදිරිපත් වෙනවා.

මුදල් ඇමැති හා මහ බැංකු අධිපති ඉල්ලා අස්‌විය යුතුයි
- සුනිල් හඳුන්නෙත්ති

ව්‍යාකූල ලෙස බැඳුම්කර නිකුත්කර මහ බැංකුව පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කළ මුදල් ඇමැතිවරයා හා මහ බැංකු අධිපතිවරයා සිය ධුරවලින් වහා ඉල්ලා අස්‌විය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ (10 දා) අවධාරණය කළේය.


ශ්‍රී ලංකා අගමැති
ඉන්දියාවේ කනට ගහලා
රනිල්ගේ ප්‍රකාශයෙන් ඉන්දීය පාර්ලි මේන්තුව රත් වෙයි

ඉන්දීය කොංග්‍රස්‌ මන්ත්‍රී රජීව් ශුක්‌ලා ප්‍රකාශ කර ඇත්තේ මේ ප්‍රකාශය හරහා ශ්‍රී ලංකා අගමැතිවරයා ඉන්දියාවේ කනට ගසා ඇති බවයි.

පෝර්ට්‌සිටි පරිසර ප්‍රශ්නය චීනයට
අදාළ නෑ

චීනය ටිකක්‌ සැරෙන් කියයි

ආන්දොaලනාත්මක පෝර්ට්‌සිටි ව්‍යාපෘතියේ පරිසර ප්‍රශ්නය ශ්‍රී ලංකා රජයේ වගකීමක්‌ මිස එය එහි චීන ආයෝජකයාගේ ගැටලුවක්‌ නොවන බවත

ජෙයකුමාරිට ඇප

කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බාලචන්ද්‍රන් ජෙයකුමාරි නමැති කාන්තාව රිමාන්ඩ් භාරයෙන් දින 362 ක්‌ ගත කිරීමෙන් පසුව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී ඇප නියමවීමෙන් පසුව මාධ්‍ය හමුවේ හඬා වැටෙමින් කරුණු දැක්‌වූ අයුරු.


'සියලු ද්‍රවිඩ පක්‍ෂ සමඟ සාකච්ඡා කරන්න'
- සංගරී මෝදිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ උතුරේÊද්‍රවිඩ ප්‍රශ්නය විසඳීමට නම් සියලුම ද්‍රවිඩ පක්‍ෂ සමඟ සාකච්ඡා පවත්වන ලෙස ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ඉන්දීය අගමැති නරේJද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.

සංචාරක ව්‍යාපාරයට බිලිවූ කොග්ගල කලපුව

කොග්ගල කලපු ඉවුරේ ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස කබානා හතලිහක්‌ සහ දිය මත සංචාරක බංගලා දොළහක්‌ ඉදිකිරීමේ කටයුතු මේවන විට ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර හමාරය.

අලි සෙල්ලම්
යළි ඇරැඹෙයි

වසරකට අධික කාලයක්‌ තාවකාලිකව නතර කර තිබු දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පැවැති අලි සෙල්ලම් මාර්තු 06 වැනිදා සවස 4.30 ට ආරම්භ කළ බව....

ලිංගික ක්‍රියාවලට ඉඩදුන් සිනමාහල් කළමනාකරුවෝ වරද පිළිගනිති

ප්‍රසිද්ධ පාසලක්‌ යාබදව ඇති සිනමා ශාලාවක පොහෝ දිනක එම පාසලේ සිසුන්ද ඇතුළුව බාලවයස්‌කාර පෙම්වතුනට ලිංගික ක්‍රියා සඳහා ඉඩ ලබාදීම යන චෝදනාවට වරද පිළිගත් සිනමාහලේ කළමනා කරුවන් දෙදෙන...

බොරැල්ල කනත්තේ fපෝමලින් 'අවුලක්‌'

fපෝමලින් යොදා පොලිතින් ආවරණවල එතීම නිසා ඒවා වසර දෙකකට අධික කාල යක්‌ තිස්‌සේ දිරා නොයැම හේතුවෙන් එම භූමියේ ඉඩකඩ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ මතුව ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

  


 
  • වැරදි හදා ගැනීමට ශ්‍රී ලංකාව අද ස්‌කොට්‌ලන්තය මුණ ගැසෙයි
    චන්දිමාල්ගේ ස්‌ථානය කුසල්ට

    ලබන 18 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වීමේ වැඩි සම්භාවිතාව දකුණු අප්‍රිකාව සමගින් නිර්මාණය වී තිබීම මත සියලු දෝෂ එම සටනට පෙර මග හරවා ගතහොත් අවසන් පූර්ව තරග අවස්‌ථාවටද පිවිසීමේ අවස්‌ථාවද ශ්‍රී ලංකාව සතුවේ.

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.