බොරැල්ල කනත්තේ fපෝමලින් 'අවුලක්‌'

අවමංගල්‍ය අධ්‍යක්‍ෂවරුන් 10 දෙනකු නගර සභාවට කැඳවීමේ තීරණයක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

බොරැල්ල කනත්තේ භූමිදානය කෙරෙන මළ සිරුරු fපෝමලින් යොදා පොලිතින් ආවරණවල එතීම නිසා ඒවා වසර දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ දිරා නොයැම හේතුවෙන් එම භූමියේ ඉඩකඩ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ මතුව ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

දිනපතා බොරැල්ල කනත්තට මෘත ශරීර 20 ක්‌ පමණ භූමිදානය සඳහා රැගෙන එනු ලබයි.

මළ සිරුරක්‌ භූමිදානය කළ පසු එය මාස හයකින් දිරාපත් විය යුතු අතර මෙම fපෝමලින් යෙදූ පොලිතින් ආවරණවල බහාලූ මළ සිරුරු පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ මතුව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා "දිවයින" ට පැවසීය. මේ පිළිබඳව කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ අවමංගල අධ්‍යක්‍ෂවරුන් 10 දෙනකු ඉදිරි දිනවලදී නගර සභාවට කැඳවා දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා කීය.

ඒ සමඟම බොරැල්ල කනත්තේ වෙනම ප්‍රදේශයක්‌ වෙන්කර "ග්‍රීන් බෙරියර්" නමින් පැය 24 ක්‌ ඇතුළත භූමිදානය කෙරෙන මළ සිරුරු සඳහා පමණක්‌ පරිසර හිතකාමී නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කරන බව ද ඒ මහතා කීය.

කිසියම් පුද්ගලයකු මියයැමට පෙර අන්තිම කැමති පත්‍රයෙන් මේ සඳහා අවසර දිය හැකි වේ.

ඒ අනුව පැවරෙන මෘත ශරීරය මල්ශාලාකරුවන් විසින් මෙම "ග්‍රීන් බෙරියර්" ප්‍රදේශයේ ගෞරවාන්විතව භූමිදානය කෙරේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.