ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එජනිස අපේක්‌ෂකයකු වෙනවා
- වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර

බන්ධුල හේරත් - උඩුබද්දාව

"වයඹ පළාත් සභාවේ විපක්‍ෂ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ගැන කලකිරීමක්‌ ඇතිවෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරමින් අපේක්‌ෂකයකු ලෙස ඉදිරිපත් වෙනවා. එහි මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අනිවාර්යෙටන්ම ජයග්‍රහනය කරනවා..." යෑයි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හෙට්‌ටිපොල ප්‍රධාන කාර්යාලයේදී පැවැසීය.

වයඹ පළාත් සභාවේ බහුතර බලය අපට තිබෙනවා. කිසිම විටක එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සමඟ එකතු වෙලා මහ ඇමැති ධුරය වෙනස්‌ කරන්න කටයුතු කරන්නේ නැහැ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට යම්කිසි ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සූදානම්. අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරු මම මහ ඇමැති ධුරයේ ඉන්නවාට විරුද්ධ නැහැ. අනාගතයේ පාර්ලිමේන්තුවට යන්නේ වෙන කාරණයක්‌ නිසා නොවෙයි ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නයි. ඒ අනුව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය එකතුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ රජයක්‌ එනවා.

හොරුන්ගෙන්, මංකොල්ල කරුවන්ගෙන් තොර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ රජයක්‌ බිහිවන පදනම අද රට පුරා ස්‌ථාවරභාවයට පත්වෙලා තිබෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.