දාහතර හැවිරිදි දැරිය ගැබිනියක්‌ කළ පාසල් සිසුවා අත්අඩංගුවට

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ පාසලක දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දාහතර හැවිරිදි ශිෂ්‍යාවක්‌ ගැබිනියක්‌ වීම සම්බන්ධයෙන් එම පාසලේම එකොළොස්‌වැනි වසරේ ඉගෙනුම ලබන පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යයකු සියඹලාණ්‌ඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එකම ගමේ පදිංචි අසල්වැසි ඥාතීන් වන මෙම දෙදෙනා හොර රහසේ අඹුසැමියන් ලෙස හැසිරී ඇත. දැරියගේ වෙනසක්‌ ඇති බව මව දැන ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයකුට පෙන්වා මුත්‍රා සාම්පලයක්‌ පරීක්‍ෂා කිරීමෙන් පසු දැරිය ගැබිනියක්‌ බව දැනගෙන ඇත.

දැරියගේ මව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී අසල්වැසි තම ඥාති සහෝදරයා මාස කීපයක සිට තමා සමඟ අඹුසැමියන් ලෙස හැසුරුණු බව පවසා තිබේ.

සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර ශිෂ්‍යයා සියඹලාණ්‌ඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (10 වැනිදා) මොනරාගල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.