මගීන්ට බස්‌රථවල සිදුවන අපහසුතා හේතුවෙන්
බස්‌ රථවලට සී. සී. ටී. වී. කැමරා

ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක

රට තුළ ප්‍රවාහන කටයුතුවල යොදවා ඇති ලංගම හා පුද්ගලික බස්‌රථ වල සී. සී. ටී. වී. කැමරා පද්ධති සවිකිරීමට ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා තීරණය කර ඇත.

බස්‌රථවල ගමන් බිමන් යන මගීන්ට බස්‌රථවල සිදුවන අපහසුතා හා ගැටලු දිනෙන් දිනම වර්ධනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කාන්තාවන්ට සිදුවන හිරිහැර ආබාධිත අයට ආසන නොලැබීම පූජ්‍ය පක්‍ෂයට හා ගැබිනි මවුවරුන්ට ආසන නොසැපයීම යනාදිය නතර කර ගැනීම පිණිස මෙම පියවර ගත් බවත් ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.