2015 මාර්තු 14 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

බිරිඳ මැර බ්‍රිගේඩියර්ට මරණ දඬුවම
මම නිවැරදියි... බිරිඳ වෙඩි
තියා ගත්තා... බ්‍රිගේඩියර් කියයි

තම රාජකාරී පිස්‌තෝලයෙන් බිරිඳට වෙඩි තබා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු බවට පත් වූ පුත්තලම යුද හමුදා කඳවුරේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දොන් චන්දන රූපසිංහ යන අයට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මතුරට මහත්මිය ඊයේ (13දා) මරණ දඬුවම නියම කළාය.


13 ට එහා බලයක්‌ දිය යුතුයෑයි ඉන්දීය අගමැති කියයි

ඉන්දු ශ්‍රී ලංකා ද්විපාශ්වික සාකච්ඡාවලදී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ. මෝදි මෙරටට පැමිණීමට පෙර ද්‍රවිඩ සන්ධානය පැවසූවේ ඉඩම් හා පොලිස්‌ බලතල සමග පූර්ණ විමධ්‍යගත බලතල තමන්ට අවශ්‍ය බවය.

ඉන්දීය ශ්‍රී ලංකා ජාතික හා සුළු ජාතික  සම්බන්ධතා උසස්‌ තත්ත්වයකට පත් වුණා - මෝදිගේ පැමිණීම ගැන ජනපති කියයි

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙහි පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග ශ්‍රී ලංකා ඉන්දීය ද්වි පාර්ශ්වික ගිවිසුම් තිස්‌හයකට අත්සන් තැබීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

මට යන්න වුණේ චීනය සමග වැඩ කළ නිසයි

"මෙය ආරම්භ වී ඇත්තේ වසර දෙකකට පෙර සිටයි. චීනය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පැවැත්වීම ගැන ඉන්දියාව වැරදියට හිතුවා. ඒකයි මා ඉවත් කරන්න රෝ සංවිධානය කටයුතු කළේ"


ඉන්දියාවට යන අයට ගුවන් තොටේදී වීසා

මේ අනුව මෙරට සිට ඉන්දියාවට යන සංචාරකයන්ට කොළඹදී වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයක්‌ මතු වන්නේ නැත.

එජනිස නායකයෝ
විශේෂ සාකච්ඡාවක

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක්‌ අද (14 දා) සවස කොළඹ පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ජනපති 'චැනල් 4' සිංහල පිටපත එපා කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ නිපද වූ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි නෝ ෆයර් සෝන් චිත්‍රපටයේ සිංහල පිටපත භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

උතුරු පළාත් සභාව හිටපු කොටි පවුල් ලියාපදිංචි කරයි

හිටපු කොටි ක්‍රියාකාරීන්, මියගිය කොටි පවුල්වල අයගේ ඥතීන්, සහ ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින කොටින්ගේ පවුල් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්‌ උතුරු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

මගේ බිරිඳ මියයන තෙක්‌ම
වෛද්‍යවරු හේතුව දැනගෙන තිබුණේ නෑ

සැමියා හඬා වැටෙමින් කියයි


බිලිඳා සමඟ මියගොස්‌ ඇත්තේ  කේ. හර්ෂණී නමැති විසි හය හැවිරිදි ගැබිනි මවයි. වෛද්‍ය උපදෙස්‌ මත කටයුතු කිරීමට වගබලාගත් අතර හොඳින්ම ආරක්‍ෂා වීමට හර්ෂණී හැම විටම කටයුතු කළාය.

ශ්‍රී ලංකාවට ලබාදෙන විදේශ ආධාරවලින් වැඩි ප්‍රමාණයක්‌ සෞඛ්‍ය සඳහා බව ඇමරිකාව චීනය ඇතුළු සෙසු රටවල් ප්‍රකාශ කළා
- ඇමැති රාජිත සේනාරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 75 කට අධික මුදලක්‌ වැයකොට ජාතික රෝහලේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක්‌ එනම් හෘද රෝගීන් සඳහා ප්‍රතිසංස්‌කරණය කරන ලද 71 වාට්‌ටුව විවෘත කිරීමත්,....

ඉන්දීය අගමැති පිළිගනිමින්...


දෙදින නිල සංචාරයක්‌ සඳහා ඊයේ (13 දා) මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදී පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාගැබට......


ඡායාරූප - සුජාතා ජයරත්න
ඉන්දීය අගමැතිවරයා පාර්ලි මේන්තුව ඇමතූ අයුරුත්, ඉන්දීය අගමැතිවරයා පිළිගනිමින් කතානායක චමල් රාජපක්‍ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්‍ෂනායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ...

හොඳම සහකරු ලෙස මිත්‍රත්වය ශක්‌තිමත් කර සාමයේ පාලම තැනීමට මා ශ්‍රී ලංකාවට පැමිණියා
- ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව අමතමින් කියයි

තමා ශ්‍රී ලංකාවට පැමිණියේ දෙරට අතර සාමයේ පාලම තැනීමටත් මිත්‍රත්වය තවදුරටත් ශක්‌තිමත් කිරීමටත් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

ගෝඨාභය අත්අඩංගුවට ගන්න සාකච්ඡා කර නැහැ
- අනුර කුමාර දිසානායක

කාගේ හෝ ඔළුවේ පැළවෙන මනස්‌ගාත ජාතික විධායක සභාවේ තීන්දු බවට පත්කිරීම අතිශය වැරදි කටයුත්තක්‌ බවත් තමන් සහභාගි වූ එම කිසිදු සභාවකදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ වෙන...

රත්මලාන ගුවන් තොටුපළත් අපහරණය කරලා

ගුවන් යානා නොමැති ඇතැම් සමාගම් රත්මලාන ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ලබාගෙන අයථා ලෙස පරිහරණය කර ඇත.

වී අලෙවි මණ්‌ඩලයේ චෙක්‌ රිටර්න්

වී අලෙවි මණ්‌aඩලය තමන් වෙත නිකුත් කර ඇති චෙක්‌පත් රැගෙන අදාළ බැංකු වෙත ගියද ගිණුම්වල මුදල් නොමැති බව බැංකු නිලධාරීන් පවසන බවත් මේ නිසා මුදල් ලබා ගැනීමේ බලාපොරොත්තු සුන් කරගෙන.....

ලිංගික පරිවර්තන වූ 8000 ක්‌ හැදුනුම්පත් නැතිව අමාරුවේ

ශ්‍රී ලංකාව තුළ එක්‌ ලිංගිකත්වයක සිට තවත් ලිංගිකත්වයකට පරිවර්තනය වූ (සංක්‍රාන්තික ලිංගික) අය 8000 ක්‌ පමණ සිටින බවත්...

නීතිපති දෙපාර්ත මේන්තුවේ පුංචි පුංචි හිල්

නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින සුළු අඩුපාඩුකම් නිසා පසුගිය රජයේ වැරදි කළ හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම් ප්‍රමාද වෙන බව නියෝජ්‍ය අධිකරණ ඇමැති සුජීව සේනසිංහ මහතා 'දිවයින' ට ඊයේ (13 දා) ප්‍රකාශ කළේය.

ජවිපෙට ලැබුණු අධ්‍යාපන පැමිණිලි අමාත්‍යාංශ ලේකම්ට භාරදෙයි

ළමුන් බඳවා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා, ගුරු මාරු, විදුහල්පතිවරුන් පත් කිරීම, පරිපාලන ක්‍ෂේත්‍රයේ ගැටලු හා වංචා දූෂණ පිළිබඳ පැමිණිලි එසේ භාරදී තිබේ.

  • චැනල් 4 කැලම් මැක්‌රේගේ ලන්ඩන් රංගනය

    මෙරටට පැමිණි මැක්‌රේගෙන් කොටි කළ අපරාධ ගැන චිත්‍රපටයක්‌ නිපදවන්නේ නැත්තේ මන්දැයි සෘජුව ප්‍රශ්න කළෙමු. මගේ ඊළඟ චිත්‍රපටය කොටි ගැන යෑයි ඔහු කියා සිටියේය. එහෙත් මැක්‌රේ බොරු කාරයෙකි, තක්‌කඩියෙකි.

  • අර්ධ අවසන් පූර්ව තරගයට පෙර මැතිව්ස්‌ - හේරත් සුව අතට

    විළුඹ ආශ්‍රිත ප්‍රදේශය ආබාධයකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරගයේදී නියත වශයෙන්ම තරග කිරීමේ අවස්‌ථාව පවතින බව කණ්‌ඩායම් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.


Kapruka Shopping |  News





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.