මිග් ගනුදෙනුව හිටපු ගුවන් හමුදාපති
රොෂාන් ගුණතිලකගෙන් කටඋත්තර ගනී


හේමන්ත රන්දුණු

"මිග්" ගුවන්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකන් ඩොලර් මිලියන 17 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී එයාර් චීµa මාෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය ඊයේ (27 වැනිදා) ප්‍රශ්න කර කටඋත්තර ලබා ගත්තේය. රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාපතිවරයාව සිටි කාල සීමාවේදී මෙම මිග් ගනුදෙනුව සිදු විය.

මූල්‍ය අක්‍රමිකතා සහිත මෙම ගනුදෙනුව පිළිබඳව මාධ්‍ය මගින් මීට වසර කීපයකට උඩදී හෙළිදරව් කෙරුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මක වී තිබුණේ නැත.

මිග් ගුවන් යානා හතරක්‌ මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය ගුණතිලක මහතාට දැනුම්දී තිබිණි.

ඒ අනුව ඊයේ (27 දා) පෙරවරු 9.00 ට පමණ එයාර් චීµa මාෂල් රොෂාන් ගුණතිලක මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය වෙත පැමිණ සිටියේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (27 දා) සවස්‌ වනතුරුම රොෂාන් ගුණතිලක මහතාගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබා ගනිමින් සිටි බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.