බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට ගිය හමුදාවේ තිදෙනෙකුට තුවාල

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

මන්නාරම, තච්චනාමරදමඩු, විලාසිකුලම් ප්‍රදේශයේ වනගත ස්‌ථානයක වළදමා තිබියදී රාජ්‍ය නොවන සංවිධානයක්‌  විසින් සොයාගන්නා ලද බිම් බෝම්බ කීපයක්‌ පෙරේදා (04 දා) පෙරවරුවේ නිෂ්ක්‍රීය කිරීමට උත්සාහ කළ කපිතාන්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් තිදෙනකු එම බිම් බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා ඇත.

මෙම පිපිරීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ අට වැනි ඉංජිනේරු බළකායේ මන්නාරම පණ්‌ඩිපිරිච්චාන් කඳවුරේ කපිතාන්වරයකු, කෝප්‍රල්වරයෙකු සහ සෙබළෙකු මෙසේ තුවාල ලබා ඇත. තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයින් තිදෙනා ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්‌ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

මන්නාරම තච්චනාමරදමඩු ප්‍රදේශයේ විලාසිකුලම් වනයේ පසුගිය යුද සමයේ කොටි ත්‍රස්‌තවාදීන් විසින් වළ දැමූ බිම් බෝම්බ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මගින් මේ දිනවල ඉවත් කරමින් සිටින අතර එහිදී සොයා ගනු ලැබු බිම් බෝම්බ කීපයක්‌ නිෂ්ක්‍රීය කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ හමුදා සාමාජිකයින් අතින් සිදුවූ ප්‍රමාද දොaෂයකින් මෙම පිපිරීම සිදුවී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.