"බැංකු රිද්ම" අන්තර් බැංකු කලා ප්‍රසංගය අද

ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය සංවිධානය කරන " බැංකු රිද්ම 2015" අන්තර් බැංකු කලාප සංගමය මෙම මස 26 වැනි ඉරිදා(අද) පස්‌වරු 6.30 ට කොළඹ බිෂෝප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

බැංකු ක්‍ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින්ගේ ගායන වාදන සහ නර්තන කුසලතාවයන් ඔප් නැංවීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම කලා ප්‍රසංගයේදී විවිධ බැංකු ආයතනයන්හි කාර්ය මණ්‌ඩල සමාජික සමාජිකයින් විශාල පිරිසක්‌ තම දක්‍ෂතාවයන් ඉදිරිපත් කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.