නියම බජාඡ් අමතර කොටස්‌ මිලදී ගත් පාරිභෝගිකයන්ට තෑගි නිධානයක්‌

බජාඡ් නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ජනප්‍රිය මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ බජාඡ් නියම අමතර කොටස්‌ ගෙන්වා බෙදා හරින සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම, නියම බජාඡ් අමතර කොටස්‌ මිලදී ගන්නා පාරිභෝගිකයන් හට මේ උත්සව සමයේ තෑගි නිධානයක්‌ හිමි කර දෙන ලදී.

මේ අනුව නියම බජාඡ් අමතර කොටස්‌ සමග පමණක්‌ එන අසුරණයේ ඇති අලි පැංචා ලකුණ සහිත හොලෝ ග්‍රෑම් ස්‌ටිකරය සූරා එහි ඇති රහස්‌ අංකය 0777665577 යන දුරකථන අංකයට SMS කර වටිනා තෑගි දිනා ගැනීමේ අවස්‌ථා හිමි කර ගැනීමට වාසනාවන්ත බජාඡ් පාරිභෝගිකයන් හට 2015 ජනවාරි මස 25 සිට මාර්තු 31 දක්‌වා අවස්‌ථාව හිමි කර දී තිබුණි.

මේ අනුව බජාඡ් වෙතින් තිළිණ කෙරුණු තෑගි නිධානයට වටිනා සුපිරි ජංගම දුරකථන 100 ක්‌, LED රූපවාහිනි 5 ක්‌, ශීතකරණ 5 ක්‌ සහ ඒ සියල්ලටම වඩා වටිනා නවතම බජාඡ් පල්සර් 135LS මෝටර් සයිකල් 5 ක්‌ අයත් විය. SMS මගින් තම හොලෝග්‍රෑම් ස්‌ටිකරයේ අංකය පවා මෙම තෑගි නිධානයට උරුමකම් කීමට අවස්‌ථාව උදාකරගත් පාරිභෝගිකයන් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය පසුගිය අප්‍රේල් 9 වැනිදා සිදු කෙරුණු අතර මෙම තෑගි නිධාන ප්‍රවර්ධන වැඩසටහන සඳහා නියම බජාඡ් අමතර කොටස්‌ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් ඉතා දැවැන්ත ප්‍රතිචාරයක්‌ හිමිව තිබිණි.

ශ්‍රී ලංකාවේ අංක එකේ මෝටර් සමාගම මෙන්ම බජාඡ් සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා ද වන සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම විසින් තම පාරිභෝගිකයන් හට විශිෂ්ටතම තත්ත්වයේ අලෙවියෙන් පසු සේවයක්‌ ලබාදීම පෙරදැරි කොටගෙන දිවයින පුරා ව්‍යාප්ත අලෙවි සේවා සහ අමතර කොටස්‌ අලෙවි ජාලයක්‌ පවත්වාගෙන යනු ලබයි. ඒ සෑම ස්‌ථානයකදීම බජාඡ් මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ සඳහා නියම බජාඡ් අමතර කොටස්‌ මිලදී ගැනීමට පාරිභෝගිකයන් හට අවස්‌ථාව හිමි කරදී ඇති ඩේවිඩ් පීරිස්‌ සමාගම, වසර ගණනක්‌ පුරාවට නොබිඳුණු විශ්වාසයකින් යුතුව කටයුතු කරමින් සිටියි.

බාල තත්ත්වයේ අනුකරණවලට නොරැවටී නියම බජාඡ් අමතර කොටස්‌ මිලදී ගැනීමෙන් බජාඡ් තෑගි නිධානයට හිමිකම් කීමට හැකිවූ නුවණැති බජාඡ් පාරිභෝගිකයන් සියලුදෙනා වෙතම සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම තම සුභාශිංසන පිරිනමයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.