Colombo Academy of Hospitality Management හි සිසු සිසුවියන්ගේ සාර්ථකත්වය සැමරේ

SLIIT හි Colombo Academy of
Hospitality Management (CAHM) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 8 වැනිදා ටා- සමුද්‍රd හෝටලයේදී පැවැතිවුණි. උසස්‌ අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඕස්‌ටේ්‍රලියා මහ කොමසාරිස්‌ රොබින් මුඩී මහත්මිය ගෞරවනීය අමුත්තා ලෙසින් සහභාගි වූවාය. උපාධිලාභී සිසුන්ගේ දෙමාපියන්,CAHM හි කාර්යමණ්‌ඩලය සහ විද්වත් අමුත්තන් පිරිසක්‌ මෙම රාත්‍රිය වර්ණවත් කරමින් සිසුන්ගේ ජයග්‍රහණය සැමරීමට එක්‌ව සිටියහ.

දිවයිනේ ප්‍රමුඛතම සත්කාරක කළමනාකරණ පුහුණු පීඨයක්‌ වන CAHM යනු ආහාර, සංචාරක ක්‍ෂේත්‍රය, සංග්‍රාහක සහ සත්කාරක සේවය සහ උත්සව ආදිය සම්බන්ධයෙන් ලොව ප්‍රචලිත විශේෂඥ මධ්‍යස්‌ථානයක්‌ වන William Angliss
Institute සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT) එක්‌ව ආරම්භ කළ ආයතනයකි. මේ වනවිට සිසුන් 320 කින් පමණ යුත් මෙම ආයතනයේ සත්කාරක සේවයේ සිට ආයතනික තත්ත්වය දක්‌වා පාඨමාලා ඇතුළත් වේ. මේවා අතරට ආගන්තුක සේවය, වෘත්තීයමය ආහාර පාන සේවය, පිළිගැනීමේ අංශය, කළමනාකරණය, විධායක සංවර්ධනය, ජාත්‍යන්තර ආගන්තුක සත්කාරක සංස්‌කෘතිය තේරුම් ගැනීම, ගැටුම්කාරී අවස්‌ථා හැසිරවීම, මානව සම්පත් සහ කාර්යමණ්‌ඩල සංවර්ධනය ආදිය ඇතුළත් වේ. මෙම සමස්‌ත වැඩසටහන වසර දෙකක කාලයක්‌ තුළ අදියර හතරකින් දිග හැරේ. එනම්, සත්කාරක අංශයේ සහතික පත්‍ර පාඨමාලාව III, සත්කාරක අංශයේ සහතිකපත් පාඨමාලාව IV, සත්කාරක ඩිප්ලෝමාව සහ සත්කාරක උසස්‌ ඩිප්ලෝමාව ලෙසිනි.

"මෙම පාඨමාලාවේදී වසර දෙකක්‌ තුළ පුළුල් පරාසයක්‌ ආවරණය කරනවා", යනුවෙන් CAHM හි ප්‍රධාන විධායක නිලධාරී ස්‌ටීවන් බ්‍රේඩි මයිල්ස්‌ මහතා පැවැසුවේය. "ඒ අනුව CAHM වෙතින් උපාධිය ලබන කෙනෙක්‌ට හෝටල් ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව ගුවන් සේවක, නෞකාවක, අවන්හලක මෙන්ම විශේෂ උත්සව සංවිධාන ක්‍ෂේත්‍රයේ, නැත්නම් සත්කාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම වෘත්තියක යෙදීමට පුළුවන්. ඔවුන් හෝටලයක කළමනාකරුවන් වීමට පමණක්‌ සූදානම් කරන අය නොවෙයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.